ශ්‍රී ලංකාවේ දී රු. ලක්ෂ 40කට අඩුවෙන් මිල දී ගත හැකි අලුත්ම ඉලෙක්ට්‍රික් SUV රථය මෙන්න

    February, 24, 2020

    නවතම Mahindra eKUV100 ඉලෙක්ට්‍රික් SUV මෝටර් රථය නුදුරේ දීම ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව අයිඩියල් මෝටර්ස් සමාගමේ සභාපති නලීන් වෙල්ගම මහතා පවසයි. පසුගිය දා වැලිපැන්න MILPL කර්මාන්ත ශාලා පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය.

    “ඉලෙක්ට්‍රික් කාරයක ප්‍රධානතම අංග දෙක වන්නේ මෝටරය සහ බැටරිය. බැටරියේ ධාරිතාව වැඩිවීමත් සමග ධාවනය කළ හැකි දුර ප්‍රමාණය වැඩිවෙනවා. KUV 100 ඉලෙක්ට්‍රික් කාර් රථයක් එක් ආරෝපණයකින් කිලෝ මීටර 150 ක් පමණ ධාවනය කළ හැකි වෙනවා. මෙය රුපියල් ලක්ෂ 40කට අඩු මිලකට දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා පවතින නිෂ්පාදන බදු ඉතා අඩු නිසා මේ අවස්ථාවේ දී එය ශ්‍රී ලංකාව තුල එකලස් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ,“ යැයි නලීන් වෙල්ගම මහතා පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් අයිඩියල් මෝටර්ස් සභාපතිවරයා කියා සිටියේ, මෙම මෝටර් රථය සඳහා අලෙවියෙන් පසු සුවිශේෂී සේවාවක් ලබා දීමට බලාපොරොත්තු වන බවයි.

    “අපේ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් මේ වන විට ඉන්දියාවේ දී KUV 100 ඉලෙක්ට්‍රික් කාර් රථය පිළිබඳව අධ්‍යයනය කරනවා. අපේ පුහුණු කණ්ඩායමකුත් ඉන්නවා. ඒ අය flying doctor service එකක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හෙට අනිද්දා 24x7 කෝල් සෙන්ටර් එකක් ආරම්භ කරනවා. කාර් එකට මොනවා හරි වුණොත් කෝල් සෙන්ටර් එකට සම්බන්ධ වෙලා, තියෙන ප්‍රශ්න විසඳගන්න පුළුවන්. පාරිභෝගිකයා අපි ලඟට එන්න ඕනේ නැහැ. අපි පාරිභෝගිකයා ලඟට යනවා. ඒ වගේ ලොකු ක්‍රියාන්විතයක් අපි ස්ථාපිත කරගෙන යනවා.“

    මෙහිදී ඉලෙක්ට්‍රික් මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථාන ශ්‍රී ලංකාව පුරා ස්ථාපිත වී නොමැති වීම පිළිබඳව අද දෙරණ කළ විමසීමකට නලීන් වෙල්ගම මහතා, “හරියට බැලුවොත් චාර්ජින් ස්ටේෂන් ගොඩක් තැන්වල මේ වෙන කොට ස්ථාපිත වෙලා තියෙනවා. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ.  ආරෝපණ මධ්‍යස්ථානයක් සඳහා විශාල ආයෝජනයක් දැරිය යුතුයි. ඒ සඳහා කරන ආයෝජනයේ ප්‍රතිලාභ ගන්න දිගු කාලයක් යනවා“, යැයි කියා සිටියේය.

    මේ අතර ඉලෙක්ට්‍රික් මෝටර් රථ ආරෝපණය කිරීම සඳහා ආරෝපණ මධ්‍යස්ථාන වෙත යාමේ මානසිකත්වයෙන් විතැන් වීමට කාලය එළඹ ඇති බව අයිඩියල් මෝටර්ස් සමාගමේ අධ්‍යක්ෂ, චමින්ද වනිගරත්න මහතා පැවසීය.

    “ඉදිරියේ දී මෝටර් රථ කර්මාන්තයේ හැරවුම වන්නේ ඉලෙක්ට්‍රික් මෝටර් රථ. ඉන්දියාව තීරණය කරලා තියෙනවා 2030 දී සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රික්වලට යන්න. මේ වන විට විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘතියක් සිදුවෙනවා ස්මාර්ට් විදුලි මීටර සවිකරන්න. එහිදී රාත්‍රී කාලයේ දී වාහනයක් චාර්ජ් කිරීමේ දී සාමාන්‍ය වෙලාවේ යන ගාස්තුවට වඩා වියදම 40% ක පමණ ගාස්තුව අඩුවෙන් චාර්ජ් කරන්න පුළුවන්. ලංකාවේ විදුලි ඉල්ලුම කාර්ය බහුල වේලාවන්වලට, කාර්ය බහුල නොවන වේලාවන්වල දී වඩා තුන් ගුණයක් පමණ අඩුයි. ඉලෙක්ට්‍රික් කාර් ගැන මිනිසුන් කතා වෙන්නේ චාර්ජින් පොයින්ට්ස් ගැන. නමුත් ගොඩාක් රටවල්වල කාර්ය බහුල නොවන වෙලාවන්වල සහනදායී ගාස්තු යටතේ විදුලිය පාරිභෝජනය කරන්න පුළුවන් ක්‍රම හදලා තියෙනවා. ඒකට කරන්න තියෙන දේ තමයි විදුලි මීටර මාරු කරන එක. එහෙම වුණොත් රාත්‍රි කාලයේ දී තම මෝටර් රථය සහන ගාස්තුවක් යටතේ චාර්ජ් කරලා ධාවනය කරන්න පුළුවන්.“

    Mahindra eKUV100 ඉලෙක්ට්‍රික් SUV මෝටර් රථයේ විශේෂාංග කිහිපයක් පහතින් දැක්වේ.

    Mahindra e-KUV100 Powertrain:

    It comes with a 15.9kWh battery pack that supports fast-charging option. With the help of this option, you can juice up the battery by up to 80 per cent in just one hour. The e-KUV100 offers a range of 147km with this battery pack.

    Mahindra e-KUV100 Features:

    It is offered with connected car tech for features such as cabin precooling, location tracking, remote diagnostics, and monitoring the driving pattern of the driver as seen in the version that was showcased at Auto Expo 2018. Apart from this, it comes with standard safety features such as rear parking sensors, dual front airbags, front seatbelt alert, overspeeding alert, and ABS with EBD.