ශ්‍රී ලංකාවේ දෙවන ආයෝජන සමුළුව හෙට හොංකොං හිදී ඇරඹේ

    March, 15, 2017

    ආසියාව කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකාව විසින් සංවිධානය කරනු ලබන දෙවන ආයෝජන සමුළුව හෙට (16) හොංකොං හිදී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

    හොංකොං Kowloo හි Ritz-Carlton Hotel හිදී ඇරඹෙන මෙම සමුළුව සඳහා විදෙස් ආයෝජකයින් 200 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

    ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික අරමුණු හා ෆිස්කල් ප්‍රතිපත්ති සැලසුම් පිළිබඳ මෙහිදී මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් දේශනයක් පවත්වනු ලබන අතර ශ්‍රී ලංකා මහ බැංකුව, මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම්, ප්‍රාග්ධන වෙළෙඳපොළ විශේෂඥයින් ඇතුළු නියෝජිතයින් රැසක් මේ සඳහා එක්වනු ඇත.