ශ්‍රී ලංකාවේ නවතම මූල්‍ය සමාගම – ෆින්ටෙ‍්‍රක්ස් ෆයිනෑන්ස් එළි දකී

    September, 21, 2018

    ෆින්ටෙ‍්‍රක්ස්  ෆයිනෑන්ස්  (Fintrex Finance  Limited) සමාගම  ලෙස  නිල  වශයෙන්  හඳුන්වා දීම පසුගිය දා කොළඹ දී සිදුවිය. මෙල්ස්ටා  රීගල්  ෆයිනෑන්ස්  (Melsta  Regal  Finance) සමාගමේ  අයිතිය  Melstacorp  PLC සමාගමෙන්  Bluestone1 පුද්ගලික  සමාගම  අතට  පත්වීමෙන් පසුව, මෙලෙස Fintrex Finance  Limited යන නව සන්නාමයෙන් මෙලෙස හඳුන්වා දුනි. පසුගිය අප්‍රේල් මාසයේ දී මෙල්ස්ටා  රීගල්  ෆයිනෑන්ස්  සමාගම අත්පත් කර ගැනීම Bluestone1 පුද්ගලික  සමාගම   විසින් සිදුකළ අතර ඒ සඳහා ඔවුන් රුපියල් බිලියන 2.5 ක මුදලක් අයෝජනය කරන ලදී.

    ෆින්ටෙ‍්‍රක්ස්  ෆයිනෑන්ස්  සමාගමේ  නව හිමිකාරීත්වය   පිටුපස   සුප‍්‍රකට   ආයෝජකයන්   කිහිප   දෙනෙකු   සිටින   අතර   එයට   ලොව   රක්ෂණ ක්‍ෂේත‍්‍රයේ  දැවැන්ත  සමූහ  ව්‍යාපාරයක්  වන  ෆෙයාෆැක්ස්  (Fairfax) සමාගම  70%  ක  හිමිකම්  දරණු ලබයි. එසේම MAS සහ Hirdaramani  සමූහ ව්‍යාපාර එක්ව ෆින්ටෙ‍්‍රක්ස්  ෆයිනෑන්ස් හි 24% ක කොටස් හිමිකාරීත්වයකට හිමිකම් කියනු ඇත.

    ෆින්ටෙ‍්‍රක්ස්  සමාගමේ  ආයෝජකයන්  නියෝජනය  වන  පරිදි  එම  සමාගමේ  අධ්‍යක්‍ෂ  මණ්ඩලයට, මෙරට   ව්‍යාපාර   ක්‍ෂේත‍්‍රයේ   දිගුකාලීන   අත්දැකීම්   සහිත   කීර්තිමත්   ව්‍යවසායකයන්   වන   අජිත් ගුණවර්ධන  (සභාපති), රොනී පීරිස් සහ ශන්තනු නාග්පාල් යන මහත්වරු පත් කර තිබේ.