ශ්‍රී ලංකාවේ නිපදවන පළමු ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථය 2020 දී එළිදකී

    July, 25, 2018

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ පළමු තොගය 2020 වසරේ දී වෙළෙඳපොළට එක් කිරීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කර තිබේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ කියා සිටී.

    “2018 අයවැයේ දී මෙරට සංචාරක කර්මාන්තය හ අත්වැල් බැඳගනිමින් ‘tourist friendly tuk-tuk’ සංකල්පය අපි විසින් දියත් කළා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හා ලියාපදිංචි වෙමින් මෙම මුලපිරීමට සම්බන්ධ වන්නන් ත්‍රීරෝද රථ රියැදුරන් පමණක් නොව සංචාරක මඟපෙන්වන්නන් ලෙසින් පවා කටයුතු කිරීමේ අවස්ථාව ඔවුන් වෙත උදා වී තිබෙනවා. මේ වන විට රියැදුරන් 589 ක් මේ සමගින් එක්වී සිටිනවා.“

    “ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථය හඳුන්වා දීම තවත් සුවිශේෂී මුලපිරීමක්, ඉන්ධන වෙනුවට පරිසර හිතකාමී වාහන ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්තිය අනුව යමින් මෙම කටයුත්ත ආරම්භ කෙරුණා. පැරිස් සම්මුතියට අනුව 2020 වසර වන විට මෙරට ප්‍රවාහන අංශයේ හරිතාගාර වායු විමෝචනය 10% කින් අඩු කිරීමට ශ්‍රී ලංකාව ප්‍රතිඥා දී තිබෙනවා.“

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය නිල ෆේස්බුක් පිටුවෙහි තබන ලද සටහන පහත දැක්වේ.