ශ්‍රී ලංකාවේ රථවාහන ධාවන දුර අඩුවීමට ප්‍රධානම හේතුව මාර්ග පද්ධති එකිනෙක සම්බන්ධ වී නොතිබීමයි

    December, 28, 2015

    ශ්‍රී ලංකාවේ භාවිතා වන මොටර් රථවල ධාවනය වූ දුර සාමාන්‍යයෙන් අඩුවෙන් සටහන් වන්නේ ඇයි? මෙරට අන්තර්ජාලය ඔස්සේ රථවාහන අලෙවි කිරීම සඳහා හොඳම ස්ථානය ලෙස සැලකෙන carmudi.lk වෙබ් අඩවිය මේ පිළිබඳව මෑතකදී විශේෂ සමීක්ෂණයක් සිදුකළේ ය. ඊට එක්වූ පර්යේෂණ කණ්ඩායම රථවාහන සන්නාම, භාවිතා වන ඉන්ධන, රථවාහන කෙතරම් පැරණිද යන්න ආදිය සැලකිල්ලට ගත් අතර අවුරුදු 2 ත් 5 ත් අතර පැර‚ වාහන සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය.

    මෙරට රථවාහන අතර වාර්තා වන වාර්ෂික ධාවනයේ සාමාන්‍යය කිලෝමීටර 38,500 ක් බව එම සමීක්ෂණය මගින් අනාවරණය වී තිබේ. මෙය සාමාන්‍යයෙන් Carmudi ක්‍රියාත්මක වන අනෙකුත් රටවලට සාපේක්ෂව 9% ක් අඩු අගයක් වන අතර එම රටවල මෙය කිලෝමීටර 42,000 ක් වශයෙන් වාර්තා වී ඇත. අලූත්ම මෝටර් රථ කිලෝමීටර 23,000 ක සාමාන්‍යයක් පෙන්නුම් කළ අතර වසර 5 ක් පැරණි කාර් කිලෝමීටර 57,000 ක සාමාන්‍යයක් පෙන්නුම් කර තිබේ.

    මෙම අගය පහළ යාමට මූලික හේතුවක් ලෙස හඳුනාගෙත ඇත්තේ ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය මනා ලෙස එකිනෙක සම්බන්ධ වී නොපැවතීමයි. මේ නිසා ජනතාව දිගු දුර ධාවනයට පෙළඹීම අඩු ය. රටේ වාහනවලින් 70% ක්ම ප්‍රධාන පෙළේ මාර්ගවල ධාවනය වන නිසා මේවා නිසි පරිදි නඩත්තු කිරීම අත්‍යවශ්‍ය වේ. නිසි ප්‍රමිතියට නඩත්තු නොකිරීම සහ මාර්ග දෙපස සීමා රහිත ඉදිකිරීම් ආදිය රථවාහන ධාවනයට බාධා පමුණුවයි. තවමත් මෙරට ජනගහණයෙන් 65% ක්ම ග්‍රාමීය ප්‍රදේශවල වාසය කරන නිසා පළාත් යා කරන හොඳ මාර්ග පද්ධතියක් තිබීම සහ එම මාර්ග නිසියාකාරව නඩත්තු කිරීම ඉතාමත් වැදගත් ය.

    රථවාහන සන්නාම අනුව ධාවනය වූ දුර සලකා බැලීමේදී වැඩිම ධාවනය පෙන්නුම් කර ඇත්තේ ජපානයේ නිෂ්පාදිත වාහන බව මෙම සමීක්ෂණයේදී හෙළි විය. හොන්ඩා, ටොයෝටා සහ නිසාන් වැනි වර්ගවල රථවාහන කිලෝමීටර 31,000 සිට 34,000 දක්වා සාමාන්‍යයක් පෙන්නුම් කර තිබේ. වැඩිම ධාවනයක් පෙන්නුම් කර ඇත්තේ සුසුකි වාහන වන අතර එහි සාමාන්‍යය කිලෝමීටර 47,000 කි.

    අවසාන වශයෙන් සමීක්ෂණයේ අවධානය යොමුවූයේ ඉන්ධන වර්ග කෙරෙහි ය. මෙහිදී ඩීසල්වලින් ධාවනය වන මෝටර් රථ කිලෝමීටර 49,000 ක සාමාන්‍යයක් පෙන්නුම් කර ඇත. ඉන්පසු හයිබි්‍රඩ් වාහන කිලෝමීටර 29,100 ක සාමාන්‍යයක් සහ පෙට්‍රල් වාහන කිලෝමීටර 22,000 ක සාමාන්‍යයක් පෙන්නුම් කර තිබේ. ඩීසල් එන්ජින් 15%ක් වැඩිපුර ඉන්ධන කාර්යක්ෂමතාවකින් යුක්ත නිසා ඒවා වැඩි දුරක් ධාවනය කෙරෙන බව මෙහිදී උපකල්පනය කළ හැක.

    “ඩීසල් වාහන භාවිතයේදී ඉන්ධන සඳහා වැයවන මුදල අඩු නිසා ඒවා වැඩියෙන් ධාවනය වී ඇති බව අපට මෙහිදී පෙනී යනවා. කෙසේ නමුත් හයිබි්‍රඩ් මෝටර් රථ විශාල වශයෙන් ජනපි්‍රය වෙමින් පවතින නිසා ඉදිරියේදී ඩීසල් වාහනවලට වඩා හයිබ්‍රිඩ් වාහන වැඩිපුර ධාවනය වනු ඇතැයි යන්න අපේ විශ්වාසයයි. මේ වනවිට පාවිච්චි කළ වාහන අලෙවියේදී ඩීසල් වාහනවලට වඩා හයිබි්‍රඩ් වාහනවලට වටිනාකමක් ලැබී ඇති බව පෙනී යනවා. මේ ඔස්සේ වැඩි ඉතිරියක් ලැඛෙන අතර පරිසරයටද යහපතක් වනු දැකීම සතුටට කරුණක්.“ carmudi.lk වෙබ් අඩවියේ කළමනාකාර අධ්‍යක්ෂ ෆිරාස් මාකර් මහතා පැවසී ය.