• Accounting
  • Ada Derana BIZ Sinhala
  • Auditing Capabilities
  • sri lanaka
  • Sri Lanka’s Public Sector
  • U.S.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ගිණුම්කරණ සහ විගණන හැකියාවන් ශක්තිමත් කිරීමට ඇමරිකාවේ සහාය

June, 16, 2022

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ සහ විගණන අංශ ශක්තිමත් කිරීම සඳහා, තම සංවර්ධන නියෝජිතායතනය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජ. නියෝජිතායතනය (USAID) හරහා, ශ්‍රී ලංකා වරලත් ගණකාධීකාරී සංගමය (CA Sri Lanka) සහ ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධීකාරීවරුන්ගේ සංගමය (APFASL) සමගින් හවුල් වේ. මෙම හවුල්කාරිත්වය හරහා, දළ වශයෙන් රාජ්‍ය අංශයේ ගණකාධීකාරීවරුන් සහ විගණන වෘතිකයන් 600 ක් සහ උපායමාර්ගික තීරණ ගැනීමට සහාය වන තොරතුරු තාක්ෂණ යෙදුම් සහ වෙනත් වේදිකාවල නිලධාරීන් 1,200 ක් පුහුණු කරනු ඇත.

නිල වශයෙන් මෙම පුහුණු වැඩසටහන දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය, “අනුකූලතා අවශ්‍යතා පිළිබඳ රාජ්‍ය අංශයේ වෘත්තිකයන්ගේ දැනුම තවදුරටත් ශක්තිමත් කිරීමටත් රාජ්‍ය අංශයේ වගවීම සඳහා දායක වීමටත් අවශ්‍ය මෙවලම් සැපයීමට හැකිවීම පිළිබඳව එක්සත් ජනපදය සතුටට පත්වනවා. ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධන හවුල්කරුවකු ලෙස අපගේ දැක්ම වන්නේ රට පෙරටත් වඩා ශක්තිමත් ලෙසින් අර්බුදවලින් ගොඩ ඒමට උපකාර කිරීමයි”, යනුවෙන් පැවසුවාය.

ගුණාත්මක මූල්‍ය ගිණුම්කරණය සහ වාර්තාකරණය සඳහා වන ජාත්‍යන්තර යහපරිචයන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම සඳහා රාමුවක් සපයන, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිති (SLPSAS) පිළිබඳව මෙම පුහුණුව හරහා අවධානය යොමු කරනු ඇත. පළාත් නවයේම පවත්වනු ලබන මෙම පුහුණුව මගින් SLPSAS 11-20 හි මෑතකාලීන වර්ධනයන් සහ යෙදුම්, රාජ්‍ය අංශයේ මූල්‍ය කළමනාකරණ කාර්යයන් සහ වාර්තාකරණය මෙන්ම මූල්‍ය විශ්ලේෂණය, සැලසුම්කරණය සහ කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ සහ විගණන වෘත්තිකයන්ගේ ධාරිතාව ශක්තිමත් කිරීමට හැකියාව ලැබේ.

“සිය දිගුකාලීන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශක්තිමත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වනවා. එබැවින්, CA Sri Lanka හි රාජ්‍ය අංශයේ ක්‍රියාකාරී ඒකකය ලෙස APFASL, ජාත්‍යන්තර යහපරිචයන්ට අනුකූලව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පරිචයන් ශක්තිමත් කිරීිමෙහි ලා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. රාජ්‍ය අංශයේ ගිණුම්කරණ සහ විගණන වෘත්තිකයන්ට නොකඩවා තම ක්ෂේත්‍රයේ අදාළ දැනුම වැඩිදියුණු කරගැනීමට සහය වීමට අප නිරන්තරෙයන් උත්සාහ කරන බැවින් USAID සමඟ ඇතිකර ගත් මේ සහයෝගීතාවය ඉතා කාෙලෝචිතයි. CA Sri Lanka සහ APFASL යන සංගම් දෙක ම‍ෙම ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා සිදු කර ඇති වැදගත් කාර්යභාරයට USAID සමඟ ඇති මෙම හවුල්කාරිත්වය කදිම සාක්ෂියක් ද වනවා”, යනුවෙන් CA Sri Lanka හි සභාපති සංජය බණ්ඩාර මහතා පැවසීය.

මීට අමතරව, පළාත් සියල්ලේම ක්‍රමෝපායික තීරණ ගැනීම් සඳහා සහය ලබාදීම පිණිස රාජ්‍ය අංශයේ මූල්‍ය වෘත්තිකයන් විසින් තොරතුරු තාක්ෂණ පද්ධති ඵලදායී ලෙස භාවිතා කිරීම ද මෙම පුහුණු වැඩසටහන මගින් ශක්තිමත් කරනු ඇත.

පුහුණුවේ පහසුකම් සපයන්නා ලෙස APFASL විසින්, රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල සහ පළාත් පාලන ආයතනවල මූල්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සහ මූල්‍ය කළමනාකරණ පද්ධති වැඩිදියුණු කිරීමට සහාය වනු ඇත.

"ආරම්භයේ සිටම, APFSL රාජ්‍ය අංශයේ ගණකාධීකාරීවරුන්ගේ සහ විගණකවරුන්ගේ වෘත්තීය නිපුණතා සහ ප්‍රවීණත්වය වර්ධනය කිරීමෙහිලා ඉදිරියෙන්ම සිටින අතර, ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන් ප්‍රකාශයට පත් කිරීම සංගමය විසින් දියත් කරන ලද පෙරළිකාර මුල පිරීම් රාශියක් අතරින් මුල් තැනක් ගන්නවා. APFASL දියත් කරන ලද රාජ්‍ය මූල්‍ය කළමනාකාරීත්වය විශිෂ්ටත්වය කරා ගෙනයාමට සහය වන අතරම එම අංශයට ශ්‍රී ලංකාව තුළ පුරෝගාමී කාර්යභාරයක් ඉටුකිරීමට උපකාර කිරීමේ දැක්ම ඇතිවයි. එනිසා, අපගේ උත්සාහය පිළිගැනීමට ලක් කිරීම පිළිබඳව USAID වෙත මගේ කෘතඥතාව පළ කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා”, යනුවෙන් APFASL හි සභාපති වී. කනගසබාපති මහතා පැවසීය.