• Ada Derana BIZ Sinhala
  • PublicFinance.lk
  • sri lanka

ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම ඉතිහාසයේ පළමු වරට රු. ට්‍රිලියන 4 පසු කරයි

September, 2, 2022

2022 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අතුරු අයවැය කතාවට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

අයවැය සංශෝධිත පනත් කෙටුම්පත මගින් 2022 වසර සදහා රුපියල් බිලියන 4,672ක් දක්වා වියදමේ 20‍%ක වැඩිවීමක් පෙන්නුම් කරන අතර ආදායම් වැඩි කිරීමේ ක්‍රියාමාර්ගයන් අනුගමනය නොකළහොත් අයවැය හිඟය එමගින් තවත් පුළුල් වෙනු ඇතිබව PublicFinance.lk වෙබ් අඩවිය පෙන්වා දේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ 2022 අනුමත අයවැය හිඟය සාක්ෂාත් කරගැනීමට නම්, රාජ්‍ය ආදායම 2021 වසරට සාපේක්ෂව 107%කින් වර්ධනය විය යුතු බවයි.

.