March, 30, 2020
ශ්‍රී ලංකාවේ විවිධ විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබමින් සිටි භූතාන සිසුන් නැවත භූතානයට රැගෙන යාම සඳහා Tashi Air විශේෂ ගුවන් යානයක් අද (30) දින ක්‍රියාත්මක කෙරිණි. COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල වසාදැමීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යාපන කටයුතවල නිරතවෙමින් සිටි භුතාන සිසුන් 93 ක්, මෙලෙස අද දහවල් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියෝය.
මෙම විශේෂ Tashi Air ගුවන් යානාය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.15 ට කොළඹින් පිටත් වූ අතර එය භූතානයේ පාරෝ දක්වා පියාසර කෙරෙණු ඇත.
භූතානය රජය ශ්‍රී ලංකාවෙන් ආපසු පැමිණෙන සිසුන් සඳහා නිරෝධායන පහසුකම් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර සුදුසුකම්ලත් වෛද්‍යවරුන් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් විසින් සති දෙකක කාලයක් සඳහා ආසාදනය වීමේ සළකුණු පිළිබඳව සිසුන් නිරීක්ෂණය කරනු ලැබේ.
භූතාන සිසුන් නැවත සිය නිවෙස් කරා ගෙන යාම පිණිස මෙම විශේෂ ගුවන් ගමන ක්‍රියාත්මක කිරීම සඳහා වූ විශේෂ අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ ගරු භූතාන කොන්සල්වරයා වන අබ්බාස් එසුෆලි මහතා ශ්‍රී ලංකා රජය, විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරුන්, සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව සහ ගුවන්තොටුපල අධිකාරිය වෙත සිය ස්තුතිය පළ කර සිටී.
මේ වන විට COVID-19 ව්‍යාප්තිය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
Video Story