October, 11, 2022
ශ්‍රී ලංකාව පහළ ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන් බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසයි.
අද (11) පෙරවරුවේ කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.
ශ්‍රී ලංකාවට සහනදායී ණය ආධාර ලබා ගැනීම පහසු කරලීම සඳහා ලෝක සංවිධානවල දැනුම් දීම මත මෙම තීරණය ගනු ලැබූ බව මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඒක පුද්ගල ආදායම පසුගිය කාලසීමාව තුළ ආර්ථිකයේ පසුබෑමත් සමඟ පහත වැටිලා තිබෙනවා.
2014 වන විට ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3,824 ට පැමිණෙන විට ලංකාව අඩු ආදායම් ගොඩෙන් මිදිලා, මැදි ආදායම් ලබන රටක් බවට පත්වුණා.
2017 දී 4,074 වුණා. 2018 දී 4,058 ට අඩු වුණා. 2019 දී 3,848 ට අඩු වුණා. 2020 දී 3,695 වුණා. 2021 3,815 වුණා.
2021/22 දී තවදුරටත් එකපුද්ගල ආදායම අඩුවෙන නිසා ලෝක සංවිධාන විසින් මුදල් අමාත්‍යතුමාට දැනුම් දීලා තිබෙනවා මේ තත්ත්වය තුළ තවත් දුෂ්කරතා තත්ත්වයක් තුළ සහනදායී ණය ආධාර ලබාගන්න පුළුවන් ලෙස ඒ ජාත්‍යන්තර ආයතනවලට මැදිහත් වෙන්න පහසු කිරීම සඳහා නැවතත් රට කලින් තිබුණු තැනට අඩු ආදායම් ලබන රටක වර්ගීකරණයට ඇතුළු කරන්න කියන ඉල්ලීම ඇතුළත් කැබිනට් පත්‍රිකාවකට කැබිනට් අනුමැතිය ලැබුණා.
Video Story