May, 17, 2020
දිවා රාත්‍රී ක්‍රිකට් තරඟ ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, හෝමාගම දියගම දී ඉදිකිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා පවසයි. අක්කර 26 ක භූමිභාගයක් පුරා විසිරි මෙම ක්‍රිකට් ක්රීඩාගංණය ආසන 40,000 කින් යුතු ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සකස් කෙරෙන රටේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට පත්වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ නිලධාරීන් පිරිසක් මෙම යෝජිත ක්‍රිකට් ක්‍රීඩාංගන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක අද (17) දින යෙදුණු එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,
“අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු, විනාශ කරපු, නතර කරපු සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය යටතේ, හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් අක්කර 26 ක කොටසක් වෙන්කරලා දුන්නා ක්‍රිකට් පාලක සභාවට ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය අවුරුදු 3ක් ඇතුළත කාලපරිච්ඡේදය තුළ තනා නිම කිරීම සඳහා සියලු සැලසුම් සකස් කරලා අවසන් කරලා තිබෙනවා.“
“ආසන 40,000 ක්, දිවා රාත්‍රී ක්‍රීඩා කරන අන්තර්ජාතික, ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සකස් කරන, විශාලතම රටේ ක්‍රීඩාංගණය බවට මේක පරිවර්තනය වෙනවා.“
“ඒ සඳහා අද දින ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිතුමත්, කොළඹ දිස්ත්‍රික්ක ලේකම්තුමත්, ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්තුමා ඇතුළු උසස් නිලධාරීන් සියලු දෙනාම පැමිණ ස්ථානීය පරීක්ෂණයක් අවසන් කර ඉදිරි කාලපරිච්ඡේදය තුළ දී ඉදිකිරීම් කටයුුතු පටන් ගන්නවා, ශ්‍රී ලංකාවේ විශාලතම දිවා රාත්‍රී අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය තැනීම සඳහා.“
Video Story