ශ්‍රී ලංකාව තුළ වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන කේන්ද්‍රීය ස්ථානයක් බිහිකර තිබෙනවා

    April, 26, 2018

    පොදු රාජ්‍ය මණ්ඩලයේ සම්බන්ධතා න්‍යාය පත්‍රයේ වෙළෙඳාම හා ආයෝජනය සංවර්ධනය කිරීම අරමුණු තර ගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය වෙළෙදාම වර්ධනය කළ යුතු වෙනවා "යැයි කර්මාන්ත හා වානිජ කටයුතු අමත්‍ය රිෂාඩ් බද්යුඩීන් මහතා පවසයි

    කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් රටක ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ අවශ්‍යතා මග හැරීයනවා. එම නිසා පොදු රාජ්‍ය මණ්ඩලය කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන මෙවැනි අභියෝග සඳහා බොහෝ සේ උපකාරී වෙනවා. එම නිසා ව්‍යාපාරික ප්‍රජාව අතර ඉහළ අන්තර් සම්බන්ධතාවයක් ඇති කර හොඳ භාවිතයන් සහ තොරතුරු මඟින් අනිවාර්යෙන්ම වෙළෙඳාම පහසු කරවීමට සහ අනෙක් තීරුබදු බාධා ජයගැනීමට උපකාරී වෙනවා. ඒ වගේම ගෝලීය වෙළෙඳාමට වඩා පොදු රාජ්‍ය මණ්ඩලයීය වෙළෙඳාමෙන් සියයට 19% ක් පමණ ලාභ ලැබෙනවා. ඒ නිසාම අපට පොදු රාජ්‍ය මණ්ඩලයීය වෙළෙඳ ගණුදෙනු වඩාත් වැදගත් වෙනවා."

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර මෙන්සන් හවුස් හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය, ව්‍යාපාරික හා ආයෝජන සභාවේ, ව්‍යාපාරික සංසදය අමතා කතා කරමිනි.

    පසුගිය අප්‍රෙල් 16 - 18 දිනවල ලන්ඩන් නුවරදී පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුව සඳහා ශ්‍රී ලංකාවෙන් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් 42 ක් සහභාගී විය. මෙම ව්‍යාපාරික සමුළුව සංවිධානය කරනු ලැබුවේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික හා ආයෝජන සභාව විසිනි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික හා ආයෝජන සංසදයේ ව්‍යාපාරික සමුළුවේ තේමාව වූයේ "Towards a Common Future " පොදු අනාගතයක් උදෙසා යන්නයි.

    මෙම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් තෝරා ගැනුනේ, ඇඟළුම්, විද්‍යුත් තාක්ෂණ, තොරතුරු තාක්ෂණ, අත්කම්, පොල් ආශ්‍රිත නිෂ්පාදන, සංචාරක, මැණික් හා ස්වර්ණාභරණ, සමුද්‍රීය කටයුතු හා බෝට්ටු නිෂ්පාදන, වෛද්‍ය හා උපදේශන සේවා අංශයන්ගෙනි.

    මෙහිදී අදහස් දක්වමින් කතා කළ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ පැවසීය.

    "පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් අතරවඩා හොඳ හා යහපත් ඵලදායී සහයෝගීතාවක් ඇති කිරීම සඳහා සුදුසු පරිසරයක් අපට ලබා දී තිබෙනවා. මේ අනුව විශේෂයෙන්ම රටේ සාමය හා ස්ථාවරත්වය සහිතව සෞභාග්‍යමත් අනාගතයක් ඇති කිරීමට වෙළෙඳාම හා ආයෝජනය ප්‍රවර්ධනය කිරීමට අපගේ අවධානය යොමු වෙලා තියෙනවා. මේ අනුව පොදු රාජ්‍ය මණ්ඩලයේ සම්බන්ධතා න්‍යාය පත්‍රයේ වෙළෙඳාම හා ආයෝජනය සංවර්ධනය කිරීම අරමුණු තර ගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය වෙළෙදාම වර්ධනය කළ යුතු වෙනවා."යැයි පැවසීය.

    මෙම පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික හා ආයෝජන සංසදයේ සමුළුව දින 03 ක් පුරා පැවැත්වුණි. එහිදි කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම, උදව් උපකාර කිරීම, පුහුණුව හා තාක්ෂණික දැනුම ලබා දීම මෙන්ම රැකියා උත්පාදනය, වෙළෙඳපොළ සොයා යෑම මෙන්ම උපාය මාර්ගික සැලසුම්කරණය ගැනද දැනුම හුවමාරු විය. එසේම ගෝලීය ආර්ථිකය තුළ කුඩා හා මධ්‍යම ව්‍යවසායකයින්ගේ පැවැත්ම හා ඔවුන්ගේ නිෂ්පාදන ඵලදායීතාව මෙන්ම ගුණාත්මකභාවය ගැනද සාකච්ඡා කෙරුණි.

    මෙහි පළමු දිනයේදී ව්‍යාපාරික සමුළුව විසින් ගෝලීය වෙළෙඳාම ශීඝ්‍රයෙන් වෙනස් වීම කෙරෙහි බලපාන කරුණු සම්බන්ධවද, දෙවන දිනයේදී පොදු අපේක්ෂාවන්ගෙන් යුත් ගෝලීය ප්‍රශ්න හා මූල්‍යමය සේවාවන් සහ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබදව ද, අවසාන දිනයේදී ව්‍යාපාරික පරිසරයේ ස්ථීරසාර සංවර්ධනයේ අරමුණු සහ ඒවා සංවර්ධනය කිරීමේ අඛණ්ඩ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරුණි.

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන්, කුඩා හා මධ්‍යම පරිමාණ විශිෂ්ඨ ව්‍යාපාරිකයින් 42 නෙකු මෙම ව්‍යාපාරික සමුළුවට සහභාගී වුහ. මේ දූත පිරිසට අමතරව රජයේ වාණිජ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධ්‍යක්ෂ ජනරාල් සොනාලි විජේරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇලෙක්ෂි ගුණසේකර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නියෝජනය කරමින් එහි සභාපති ඉන්දිරා මල්වත්ත, ලන්ඩන් නුවර වාණිජ කොන්සෝල් සෙනුජ සමරවීර මහත්ම මහත්මීන් සහභාගී විය.