ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට ඇපල් සමාගමෙන් ආධාර

    December, 3, 2025

    ගංවතුර, නායයෑම් සහ තද සුළං හේතුවෙන් ආපදාවට පත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සඳහා සහන කටයුතු සහ එම රටවල් යළි ගොඩනැගීමට ආධාර ලබාදීමට ඇපල් සමාගම ඉදිරිපත්ව තිබේ.

    එම සමාගමේ විධායක නිලධාරී ටිම් කුක් සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත.

    තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව යන රටවල ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් එම රටවල සිටින ජනතාව මේ වනවිට දැඩිලෙස පීඩාවට පත්ව සිටින බව ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කර තිබේ.

    ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් රැසකට ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් 1,300කට වැඩි පිරිසක් මිය ගොස් මිලියන ගණනක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.

    ඒ අනුව,ආපදාවට පත්වූ රටවල්වල සහන සහ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය දායකත්වය දැක්වීමට ඇපල් සමාගම මෙලෙස ඉදිරිපත් වී තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates