ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු රජය අතර සංවර්ධන සහයෝගිතාව සඳහා වන එකඟතා ගිවිසුමට අනුමැතිය

    January, 11, 2017

    ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සංවර්ධන සහයෝගිතාව වසර 60කට වඩා ඔබ්බට දිව යන අතර, විවිධ විෂය ක්ෂේත්‍රයන්හි දිගුකාලීන ශිෂ්‍යත්ව ශ්‍රී ලංකාව වෙත ලබා දෙනු ලබන ප්‍රමුඛ රටක් ලෙස ඕස්ට්‍රේලියාව සැලකිය හැකිය.

    ඕස්ට්‍රේලියානු ආධාර වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ වඩාත් සුමට ලෙස ක්‍රියාත්මක කිරීම තහවුරු කිරීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් 1998 වර්ෂයේදී ඇති කර ගැනුණු අතර, මෑතකාලීනව දෙරටෙහි සිදු වූ ප්‍රතිපත්තිමය වෙනස්කම් සැලකිල්ලට ගෙන, නැවත සකස් කරනු ලැබ ඇති අවබෝධතා ගිවිසුම ඕස්ට්‍රේලියානු රජය සමඟ අත්සන් තැබීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.