June, 15, 2023
2023 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 11.5%ක පසුබැසීමක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2023 වර්ෂයේ පළමුවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කර සිටී.
2023 පළමුවන කාර්තුවේ දී කෘෂිකාර්මික කටයුතු 0.8%ක සුළු වර්ධනයක් වාර්තා කර ඇති නමුත් කර්මාන්ත ආර්ථික කටයුතු 23.4%ක් සහ සේවා ආර්ථික කටයුතු 5.0%ක් වශයෙන් පසුබැසීම් වාර්තා කර ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Video Story