January, 24, 2020
මෙරට බහුතර රාජ්‍ය හිමිකාරීත්වය සහිත ලැයිස්තුගත සන්නිවේදන සේවා සැපයුම් සමාගමක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි නව අධ්යක්ෂ මණ්ඩලය මේ වන විට පත් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් හි නව සභාපතිවරයා වශයෙන් මෙරට තේ අපනය කර්මාන්ත ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වන රොහාන් ප්‍රනාන්දු මහතා පත් කර ඇත.
සෙසු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් වශයෙන් ලලිත් සෙනෙවිරත්න, ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන්, ආනන්ද කිත්සිරි සෙනෙවිරත්න හා රන්ජිත් රූබසිංහ මහත්වරුන් පත කර තිබේ.
ලලිත් සෙනෙවිරත්න මහතා විදුලිසංදේශ කර්මාන්තයේ වසර 35කට අධික අත්දැකීම් ඇති ප්‍රවීණයෙකු වන අතර මෝටරෝලා කෝපරේෂන් සමඟ ඔහු ආරම්භයේ දී කටයුතු කර ඇත. වරලත් ඉංජිනේරුවරයෙක් වන ඔහු එක්සත් රාජධානියේ ඉංජිනේරු හා තාක්ෂණික ආයතනයේ සාමාජිකයෙකි.
2017 වසරේ දී ජනාධිපති නීතිඥයෙකු ලෙස පත් වීම් ලද මොහාන් වීරකෝන් මහතා මාතලේ මහනගර සභාවේ හිටපු උපනගරාධිපතිවරයා යි.
රාජ්‍ය පරිපාලන සේවයේ පළපුරුදු නිලධාරියෙකු වන ආනන්ද කිත්සිරි සෙනෙවිරත්න මහතා 2018 වසරේ ජනවාරියේ සිට ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කරනු ලබයි.
රන්ජිත් රූබසිංහ මහතා වසර 18කට අධික කාලයක් ශ්‍රී ලංකා ටෙලාකොම් පීඑල්සී හි සේවය කර අත්දැකීම් ඇත්තෙකි. විදුලිසංදේශ හා තොරතුරු තාක්ෂණය, මානව සම්පත්, අලෙවිකරණය හා අධ්‍යාපනික අංශය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක අත්දැකීම් ඇති ඔහු TRACE ආරම්භක අධ්‍යක්වරයෙකු මෙන්ම වත්මන් සභාපතිවරයා ද වේ.
මේ අනුව දැනට පත් කර ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි අධ්යක්ෂ මණ්ඩලය පහත පරිදි වේ.
රොහාන් ප්‍රනාන්දු - සභාපති/ අධ්යක්ෂ (විධායක නොවන)
ලලිත් සෙනෙවිරත්න - අධ්යක්ෂ (ස්වාධීන/ විධායක නොවන)
ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් - අධ්යක්ෂ (ස්වාධීන/ විධායක නොවන)
ආනන්ද කිත්සිරි සෙනෙවිරත්න - අධ්යක්ෂ (ස්වාධීන නොවන/ විධායක නොවන)
රන්ජිත් රූබසිංහ - අධ්යක්ෂ (ස්වාධීන නොවන/ විධායක නොවන)
Video Story