ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම  PPE කට්ටල රජයට පරිත්‍යාග කරයි

    April, 10, 2020

    ජාතික සන්නිවේදන සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) විසින් ආරක්ෂක අමාත්‍යාංශයට සහ නාරාහේන්පිට හමුදා රෝහලට පුද්ගල ආරක්ෂණ උපකරණ (PPE) පසුගියදා පරිත්‍යාග කරන ලදී.

    දැනට පැතිරෙමින් පවතින COVID-19 වසංගතය  මැඩලීමේ කටයුත්තට සඳහා දායක වීමේ අරමුණින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මෙම පරිත්‍යාග සිදු කළේය.  COVID - 19 වෛරසය ප්‍රතිකාර මධ්‍යස්ථානවල සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා PPE කට්ටල  වඩාත් වැදගත් වේ.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා වෙත එම උපකරණ කට්ටල බාරදුන් අවස්ථාව.