ශ්‍රී ලංකා ටෙලිකොම් 8 වැනි වරටත්  EDEX EXPO  ප්‍රදර්ශනයේ නිල විදුලි සංදේශ සේවා සැපයුම්කරු  වෙයි

    January, 16, 2020

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි සංදේශ සේවා සැපයුම්කරු   වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT), මෙරට විශාලතම අධ්‍යාපන ප්‍රදර්ශනය සහ රැකියා පොළ වන EDEX EXPO 2020 ප්‍රදර්ශනයේ නිල විදුලි සංදේශ සේවා සැපයුම්කරු බව සාඩම්බරයෙන් දැනුම්දෙයි. අඛණ්ඩව 17 වන වරටත් පවත්වනු ලබන EDEX EXPO ප්‍රදර්ශනයට අට වැනිවරටත් විදුලි සංදේශ සැපයුම්කරු ලෙස එක්වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට නොමිලේ Wi-Fi සබඳතාවය ලබාදෙනු ඇත.  ප්‍රදර්ශනය ජනවාරි 17 සිට 19 දක්වා කොළඹ බන්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සහ ජනවාරි 24 සහ 25 යන දෙදින තුළ මහනුවර සිටි සෙන්ටර්හිදී (KCC) පැවැත්වීමට නියමිතය.

    ෆයිබර් තාක්‍ෂණය හරහා 1000 Mbps වේගයකින් සපයනු ලබන SLT  සුපිරි අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවය හරහා ප්‍රදර්ශන කුටි හිමියන්ට මෙන්ම, ප්‍රදර්ශනය නරඹන්නන්ට ශ්‍රී ලංකාවේ විශාලතම බ්‍රෝඩ්බෑන්ඩ් ජාලයට පිවිසීමටත්, ප්‍රදර්ශනය පැවැත්වෙන දිනවලදී රැහැන් රහිත බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයේ ඊළඟ විප්ලවය අත්විඳීමටත් අවස්ථාව සැලසේ.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තම ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාව පහසු කිරීම සහ පහසු පරිභෝජන රටාවක් ප්‍රවර්ධනය කිරීම සඳහා මෑතක දී App රාශියක් හඳුන්වා දී තිබේ.

    SLT Voice App යන්න Android සහ iOS යෙදුමකි. MySLT App මගින් පාරිභෝගිකයින්ට තම SLT බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් කළමනාකරණය කිරීම සඳහා ඉතා නවමු සහ විප්ලවීය ක්‍රමයක් හඳුන්වාදී තිබේ. එමෙන්ම තවත් යෙදුමක් වන Peo TV Go App  මගින් පාරිභෝගිකයින්ට තම ජංගම දුරකතනය මගින් ඕනෑම තැනකදී දේශීය හා ජාත්‍යන්තර නාලිකා 50ට වැඩි සංඛ්‍යාවක් නැරඹීමේ අවස්ථාව උදාකර තිබේ.

    EDEX EXPO 2020 වෙත පැමිණෙන නරඹන්නන්ට මෙම SLT යෙදුම් තුනෙන් එකක් බාගත කිරීමෙන් ආකර්ශනීය ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව ද හිමිවේ.