August, 3, 2018
මෙම වසර අවසාන වීමට පළමුව පැන්ඩා බැඳුම්කර නිකුතුවක් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සැලසුම් කර ඇති බව මහ බැංකු අධිපති පවසයි. අද (03) පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මේ බව අනාවරණය කළේය.
“අපි චීනයේ බැංකු, රක්ෂණ සමාගම් හා තවත් ආයතනික ආයෝජකයින් හමුවුණා. චීන මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සමඟ අපි සාකච්ඡා කළා. චීනයේ බැඳුම්කර වෙළෙඳපොළ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බැලීම සඳහා රටවල් දෙකේම නියෝජිතයින් ඇතුළත් වන පරිදි කාර්යසාධක බලකායක් පත්කරන්න ඔහු යෝජනා කළා.
මෙම නිකුතුවේ වටිනාකම ඩොලර් මිලියන 250 ක පමණ වනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
චීන නොවන නිකුත් කරන්නෙකු විසින් මහජන චීන සමූහාණ්ඩුව තුළ චීනයේ රෙන්මිඹි මුදල් ඒකකයෙන් අලෙවි කරනු ලබන බැඳුම්කර, පැන්ඩා බැඳුම්කර යනුවෙන් හැඳින්වේ.
Video Story