ශ්‍රී ලංකා මහ බැංකුව තිරසර මූල්‍ය පෙරදැක්ම 2.0 දියත් කරයි

    May, 6, 2025

    දේශගුණික අවදානම්වලට ඔරොත්තු දෙන සහ සමාජීය වශයෙන් සැමට ප්‍රතිලාභ අත්වන මූල්‍ය පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා වන අඛණ්ඩ උත්සාහයේ විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය (05) දා තිරසර මූල්‍ය පෙරදැක්ම 2.0 දියත් කරන ලදී.

    දේශගුණික විපර්යාස හේතුවෙන් මිල ස්ථායීතාව සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව කෙරෙහි ඇතිවන බලපෑම් හඳුනා ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව 2019 වසරේ දී පළමු තිරසර මූල්‍ය පෙරදැක්ම හඳුන්වා දුන් අතර, එමගින් හරිත සහ අන්තර්කරණ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා මූල්‍යකරණය දිරිමත් කරන අතරම පාරිසරික, සමාජීය සහ පාලන (ESG) අවදානම් කළමනාකරණය කිරීම සඳහා මූල්‍ය ආයතනවලට මූලික මගපෙන්වීමක් ලබා දෙන ලදී.