ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුව හෙට ඇරඹේ

    June, 19, 2017

    එක්සත් ජනපද ඩොලර් මිලියන 515 ක් ලබා ගැනීම සඳහා වන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුව හෙට (20) දින පෙරවරු 11.00 ට ආරම්භ වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

    ශ්‍රී ලංකාව තුළ ආදායම් බන්දෙන් නිදහස් මෙම සංවර්ධනය බැඳුම්කර සඳහා ආයෝජනය කිරීමට පහත සුදුසුකම්ලත් ආයෝජකයින්ට හැකියාව ඇත.

    විදේශීය පුරවැසියන් සහ ආයතන, අනේවාසික ශ්‍රී ලාංකිකයින්, ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසියන්, NRFC, RFC, RNNFC හා FEEA ගිණුම් හිමියන්, විදේශ විනිමය තැන්පතු භාර ගැනීම සඳහා අවසර දී ඇති ලියාපදිංචි විශේෂිත බැංකු සහ ලියාපදිංචි මූල්‍ය සමාගම්, බලයලත් විදේශ විනිමය වෙළෙඳුන්, රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික වෙළෙඳ ආයතන, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සමඟ ගිවිසගත විශේෂිත සමාගම් සහ රක්ෂණ කර්මාන්ත පනතේ රෙගුලාසි යටතේ බලපත්‍රලාභී විශේෂිත රක්ෂණ සමාගම්.

    2017 ජූනි මස 27 වන දින දක්වා මෙම නිකුතුව විවෘතව පවතී.