ශ්‍රී ලාංකිකයින්ට ඇමරිකාවේ free visa කතාව අතේ රෝලක්

    February, 13, 2017

    ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලාංකිකයින් හට ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීම සඳහා දින 180 ක වීසා රහිත කාලයක් වෙනුවෙන් විධායක නියෝගයකට අත්සන් තැබූ බව usa television වෙබ් අඩවිය පසුගිය දා වාර්තා කරනු ලැබීය. මෙහි වැඩිදුරටත් සඳහන් වූයේ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින වෙළෙඳ සබඳතා වැඩිදුරටත් ශක්තිමත් කරගැනීම වෙනුවෙන් මෙම පියවර ගනු ලැබූ බවයි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ අදාළ පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි. තවද මෙම පුවත පළ කළ usa television වෙබ් අඩවිය මෙවැනි දූෂ්‍යමාන ආරංචි පැතිරවීමේ ප්‍රමුඛයෙකු බව ද වාර්තා වේ.

    මේ අතර එම වෙබ් අඩවියේ පළ වූ තවත් පුවතක සඳහන් වූයේ ඩුබායි හි JW මැරියට් හෝටලය කඩා වැටී දහසකට අධික පිරිසක් මරුමුවට පත් වූ බවයි. එහෙත් එවැනි ව්‍යසනකාරී සිදුවීමක් මෑතක දී වාර්තා නොවිණි.