ශ්‍රී ලාංකිකයින්ට කැනඩා වීසා free ?

    March, 16, 2017

    දින 90 ක කාලයක් දක්වා කැනඩාවේ රැඳී සිටීම සඳහා වීසා අවශ්‍ය නොවන බවට fox.usa-radio.com වෙබ් අඩවිය අද දිනයේ දී වාර්තා කර තිබිණි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලය කියා සිටින්නේ මෙම මාධ්‍ය වාර්තාව මහජනයා නොමඟ යවනසුළු වාර්තාවක් බවයි.

    කැනඩාවේ සංචාරය කිරීමේ දී ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් හා සංචාරකයින් හට දින 90 ක් සඳහා වීසා අවශ්‍ය නොවන බව අදාළ මාධ්‍ය වාර්තාවේ සඳහන් විය.

    එහෙත් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙරට කැනඩා මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් කැනඩා වීසා ප්‍රතිපත්තියෙහි කිසිදු වෙනස්කමක් සිදුවී නොමැති බවයි.

    මේ සම්බන්ධයෙන් fox.usa-radio.com වෙබ් අඩවිය පළ කර තිබූ ප්‍රවෘත්තිය පහත දැක්වේ.