ශ්‍රී ලාංකීය ප්‍රෞඩ ඉතිහාසය අගයන 2020 ඩීමෝ දින දර්ශනය

    January, 17, 2020

    ශ්රී ලාංකිකයන් වන අපි විශිෂ්ට ඉතිහාසයකට උරුමකම් කියන්නෝ වෙමු. එදා මෙදාතුර ශ්රී ලංකාව නම් පුංචි දිවයින මුළුමහත් ලෝකයේම නම රැන්දූ මුතු ඇටයක් බව බොහෝ දෙනෙකු දන්නා කරුණකි. එවන් විශිෂ්ට ඉතිහාසයකට හිමිකම් කියන අපි විශිෂ්ට රජ පෙළපතකටද උරුමකරුවන් වන්නෙමුඅපටම උරුම වු කීර්තිමත් ප්රෞඩ  ඉතිහාසය දෙස නැවත හැරී බැලීමේදී  රට,ජාතිය,ආගම පුබුදුවාලීමට මෙන්ම තාක්ෂණිකමය හා ඉංජිනේරු ශිල්පය තුලින් ශ්රී ලාංකීය නාමය ඉහළම තලයට ඔසවා තැබීම උදෙසා අනුපමේය මෙහෙවරක් කල පුද්ගලයින් රැසක් පිළිබඳ වාර්තා වේ.

    අතීත රජවරුන් සිය විශිෂ්ට දැනුම සහ බුද්ධිය සංකලනය කොට තිරසාර සැලසුම්කරණයක් උදෙසා සිය නව්ය අදහස් භාවිත කල අන්දම විශ්මයජනක වන අතර එම සංකල්පයන් පිළිබඳ ශ්රී ලාංකීය අනාගත පරපුර දැනුවත් කිරීමේ වැදගත්කම මැනවින් අවබෝධ කරගත් ඩීමෝ සිය 2020 වර්ෂය සඳහා වූ දින දර්ශනය ඔවුන් පිළිබඳ විවිධ තතු ආකර්ෂණීය අන්දමින් එක්  කර ඇත. රටෙහි යහපත සහ දියුණුව  උදෙසා විවිධ රජවරුන් සහ රැජිණියන්  විසින් සිදු කරන ලද විශාල මෙහෙයට කෘත ගුණ සැළකීමක් වශයෙන් නිර්මාණය කරන ලද මෙම දින දර්ශනය පාසැල් ළමුන් සඳහා මෙන්ම ඉතිහාසය පිළිබඳ ඉගෙනීමට කැමත්තක් දක්වන ඕනෑම අයකුට ඉතා උපකාරී වනු ඇත.

    සිත් ඇඳ ගන්නා සුළු පිටු 12ක් පුරාවට අතීත රජවරුන් සහ රැජිණියන් ගේ වර්ණවත් චිත්රයක්, ඔවුන් මෙරටට සිදු කරන ලද සේවය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් මෙම දින දර්ශනය සඳහා අන්තර්ගත කර තිබේ. මෙම වර්ණවත්  චිත්ර නිර්මාණය කිරීමේ පුර්ණ ගෞරවය කලා කීර්ති ශාසනබන්දු ශ්රී ලංකා පුත්ර සුමිත් අක්මීමණ මහතාට හිමි වනු ඇති අතර ඔහු දිවයිනේ සිටින බෞද්ධ විහාරස්ථාන බිතු සිතුවම් හා පන්සල් මූර්ති කිරීමට හැකියාව ඇති විශිෂ්ට ශ්රී ලාංකික කලාකරුවන් කිහිප දෙනෙකුගෙන් එක් අයෙකු වේ. ඔහු දැනට වසර නමයක් පුරාවට ඩීමෝ දින දර්ශනය නිර්මාණය කරමින් සිටින Sarva Integrated ආයතනයේ කලා කටයුතු පිළිබඳ අධ්යක්ෂකවරයකු වශයෙන් කටයුතු කරයි.  Sarva ආයතනය ශ්රී ලාංකීය පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්යතාවයන් මැනවින් අවබෝධ කරගනිමින් සිය දක්ෂතා වලින් පිරිපුන් සේවක මණ්ඩලයේද සහයෝගය ඇතුව නිර්මාණාත්මක වැඩසටහන් සහ ව්යාපෘති රැසක්  සාර්ථකව නිමා කර ඇත.

    ඩීමෝ වර්ෂ 1939 සිට ශ්රී ලාංකීය පාරිභෝගිකයින්ගේ ජීවන තත්ත්වයන් උසස් කිරීමේ පරම අභිලාශය ඇතුව ගුණාත්මක වශයෙන්  උසස් භාණ්ඩ, සේවා සහ විසඳුම් ඉදිරිපත් කරමින් ශ්රී ලාංකිකයන්ගේ ජීවිතවලට විශාල වටිනාකමක් එක් කරමින් සිටී. මෙවර දින දර්ශනය පිළිබඳ සිය අදහස් දක්වමින් ඩීමෝ හි සභාපති හා කළමණාකාර අධ්යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පවසා සිටියේය. "ඕනෑම වයසක  අයකුගේ දැනුම වර්ධනය වන ආකාරයේ තොරතුරු ඇතුළත්ව  නිර්මාණය කරන ලද මෙවර දින දර්ශනය  සඳහා අතීත වීරයන් පිළිබඳ විස්තර රැසක් අන්තර්ගතව පවතිනවා. ඒ හේතුවෙන් මෙවර දින දර්ශනය සෑම කාර්යාලයකම, නිවසකම තිබියම යුතු දෙයක් ලෙස හැඳින්විය හැකි. මෙම වසරේ දින දර්ශනය සඳහා ඇති ඉල්ලුම අති විශාල වන අතර මෑතකදී ශ්රී ලංකාවේ වසර 80 ක් සැමරූ විශිෂ්ට ආයතනයක් වශයෙන්, ශ්රී ලංකාව කෙතරම් ශ්රේෂ්ඨද  යන්න පිළිබඳව දැනුවත් කිරීම ඩීමෝ අපගේ යුතුකමයි

    ඩීමෝ 2020 දින දර්ශනය සමාජයට වගකිවයුතු ආකාරයකින් නිෂ්පාදනය කර තිබීම තවත් වැදගත් කාරණාවකි. ඊයම්, කැඩ්මියම්, මර්කරි සහ ක්‍රෝමියම් වැනි විෂ සහිත බැර ලෝහවලින් තොර පරිසර හිතකාමී අමුද්‍රව්‍ය වලින් සාදන ලද දින දර්ශනය FSC සහතික කළ  ART Board මත නිෂ්පාදනය කර තිබේ. මෙවර දින දර්ශනයේ  මුල් පිටුව අතීත රාජධානියක අලංකාර සිතුවමකින් සමන්විත වන අතර සෙසු පිටු 12 අපගේ වීරයන් ලෙස සැළකෙන පණ්ඩුකාභය රජු, ධාතුසේන රජු, මහාසේන රජු, පළමුවන පරාක්‍රමබාහු රජු, දුටුගැමුණු රජු, පළමුවන විමලධර්මසූරිය රජු, හයවන පරාක්‍රමබාහු රජු, පළමුවන විජයබාහු රජු, බුද්ධදාස රජු, සුගලා රැජින, පළමුවන කාශ්‍යප රජු සහ කුසුමාසනා දේවිය හා සම්බන්ධ තොරතුරු හා නිර්මාණ වලින් සමන්විත වේ.