• Ada Derana BIZ Sinhala
  • new discovery
  • sri lanka
  • Sri Lankan professor

ශ්‍රී ලාංකීය මහාචාර්යවරයකුගේ නව සොයා ගැනීමක් ඩොලර් මිලියන 180කට අලෙවි වෙයි

October, 10, 2022

යම් පුද්ගලයෙකුගේ කැස්සේ ශබ්දයට සවන් දීමෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකුදැයි නිශ්චය කර ගත හැකි ආකාරයෙන් නිර්මාණය වූ දුරකථන යෙදවුමක් ලෝ ප්‍රකට ෆයිසර් සමාගම විසින් ඩොලර් මිලියන 180ක මුදලකට මිල දී ගෙන ඇති බව වාර්තා වේ.

මෙහි ශ්‍රී ලංකාවට ඇති වැදගත්කම නම්, ඕස්ට්‍රේලියාවේ University of Queensland (UQ) හි මහාචාර්ය උදන්ත අබේරත්න මහතා ප්‍රධානත්වය දරනු ලැබූ පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම සොයා ගැනීම සිදුකිරීමයි.

මෙම යෙදවුම ResApp Health Limited විසින් වැඩිදියුණු කිරීමෙන් අනතුරුව එහි සාර්ථකත්වය අත්හදා බලා ෆයිසර් සමාගම විසින් ඩොලර් මිලියන 180 කට එය මිල දී ගෙන ඇත.

Video Story

Latest News

Stock Market

Exchange Rates