August, 5, 2022
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය තම ව්‍යාපාරික කටයුතු ඩිජිටල්කරණයට පරිවර්ථනය කරලීමේ සංදිස්ථානයක් ලෙස මාර්ගගත විසා නිර්දේශ ක්‍රියාවලිය ස්ථාපිත කිරීම අවසන් කරයි. මෙම ක්‍රියාවලිය ශ්‍රීරි ලංකාව වෙත ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා "ව්‍යාපාරික කටයුතු කිරීමේ වඩාත්ම පහසුකම් ඇති ” රටක් වශයෙන් ජාත්‍යන්තරය තුල ස්ථානගත කිරීමේ මූලික ක්‍රම උපාය මාර්ග සැලසුමේ ප්‍රධානතම අංගයක් ලෙස සම්පූර්ණ කොට ඇත. මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ආගමන විගමණ දෙපාර්තමේන්තුව හා ආරක්ෂක අමාත්‍යාංශය සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස දැකිය හැක. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආයෝජකයින්ගේ අවශ්‍යතාවය මත වාර්ෂික විසා බලපත්‍ර 7500-8000 ක් අතර ප්‍රමාණයක් නිකුත් කිරීමට නිර්දේශ කරයි. ඒ සදහා ආයෝජකයින් කිහිප වරක් ආයෝජන මණ්ඩල ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතු වේ. එම ක්‍රියාවලිය පහසු කරමින් ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය, ආගමන විගමන දෙපාර්තමේන්තුව හා ආරක්ෂක අමාත්‍යාංශය එක්ව නව මාර්ගගත විසා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය හදුන්වා දෙයි.
එහි ආරම්භක අවස්ථාව අද (05) කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී පැවැත්විණි.
නව ක්‍රමය හදුන්වා දීමත් සමග කිසිදු අයදුම්කරුවෙකුට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පැමිණිමට අවශ්‍ය නොවන අතර සියළු කාර්යයන් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කල හැක. සෑම වීසා අයදුම්කරුවෙක්ගේම වීසා අයදුම්පත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිර්දේශ කර ආගමන විගමණ දෙපාර්තමේන්තුවට යොමු කරනවාත් සමගම අයදුම්කරුට කෙටි පණිවිඩයක් හා විද්‍යුත් තපෑල මගින් දැනුම්දීමක් සිදු කරයි. මෙම ක්‍රමය හදුන්වාදීමත් සමග වංචනික ලිපි හා සහතික ඉදිරිපත් කිරිම වැනි ක්‍රියා සිදු නොවනු ඇත. නව ක්‍රමය යටතේ වීසා වර්ග තුනක් සදහා අවශ්‍ය නිර්දේශයන් ලබාදේ. මෙරටට අතුළුවිමේ විසා, පදිංචි විම සදහා විසා සහ වීසා බලපත්‍ර දීර්ඝ කර ගැන්වීම මෙයට අයත්ය. මේ තුලින් ආයෝජකයන්ට, සේවකයන්ට හා යැපෙන්නන්ට යන පාර්ශවයන්ට වීසා අයදුම් කළ හැක.
ආයෝජකයන්ට සිය ව්‍යාපාර කිරීමේ පහසුව ඉහල නැංවිමේ අරමුණින් මෙම වැඩ පිළිවෙල හදුන්වා දුන් බවත් මෙම ප්‍රවණතාවය හේතුකොටගෙන ව්‍යාපාරිකයන් හට තම ව්‍යාපාරික කටයුතු සඳහා සම්පූර්ණ කාලය යොමුකල හැකි බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අදාල පහසුකම් සැපයීම හේතුකොටගෙන ව්‍යාපරිකයන්ගේ කාලය වඩාත් ඵලදායි ලෙස යොදාගැනීමට හැකි බවත් ඒ සදහා ආගමන විගමණ දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශයේ නිළධාරීන් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පරිඝණක අංශයේ නිලධාරීන් කණ්ඩායමත් ඔවුන්ගේ නිපුනතාවය සහ දැක්වු සහයෝගය හා කැපකිරීම අගය කරන බවද පැවසුවාය.
ශ්‍රී ලංකාව කලාපයේ විශිෂ්ඨතම ආයෝජන ගමනාන්තය බවට පත්කිරිමේ වැඩපිලිවෙල යටතේ සියළු ආයෝජකයන්ගේ කාර්යයන් පහසු කිරිමට ගන්නා ලද තවත් පියවරක් ලෙස සදහන් කරන අතර ඉදිරියේදී තවදුරටත් පහසු ක්‍රමවේදයන් හදුන්වාදීමට අපේක්ෂා කරන බවද වීරකෝන් මහත්මිය පැවසුවාය.
මෙම නව මාර්ගගත වීසා ක්‍රමවේදය ඔස්සේ ආයෝජකයන් සහ ව්‍යවසායකයන් මුහුණපානු ලබන අපහසුතාවයන් අවම කර ගැනීමටත්, ඩිජිටල් පරිවර්ථනය ඔස්සේ ශ්‍රී ලංකාව තුල ව්‍යාපාර කටයුතු කරගැනීමේ ව්‍යාපාරික "සුහුරුතාවය” ඉහල දැමීමටත් එමගින් රාජ්‍ය අංශයේ සමගාම් අමාත්‍යාංශ අතර වඩාත් හොදින් ආයෝජකයන් වැඩකටයුතු කරගැනීමේ අවස්ථාව තවදුරටත් වැඩි කරගත හැකි බව වීරකෝන් මහත්මිය පැවසුවාය.
Video Story