ශ‍්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්වය තුළ කාලික වකුගඩු රෝගයේ බලපෑම

    July, 5, 2022

    වෛද්‍ය මලිත් අතපත්තු මහතා

    කාලික වකුගඩු රෝගය (CKD) ප‍්‍රධාන සෞඛ්‍ය ගැටළුවක් බවට පත්වෙමින් පවතින අතර රෝගය පැතිරීමේ වේගවත් බව සහ රෝගීන්ට ඔවුන්ගේ ජීවන තත්වය කෙරෙහි ඇති බරපතල බලපෑම හේතුවෙන් ගෝලීය අවධානය වැඩි වී ඇත. ශ‍්‍රී ලංකාවේ පමණක් අද වන විට හඳුනාගෙන ඇති CKD රෝගීන් 164,000 කට අධික සංඛ්‍යාවක් සිටියි. තවත් රෝගීන් 11,000 ක් වාර්ෂිකව හඳුනාගෙන ඇති අතර අවසානයේ 10,500 ක් එයින් ඇති වන සංකූලතා වලට ගොදුරු වේ.

    CKD යනු කුමක්ද සහ එය ඇති වන්නේ කෙසේද? යන්න විමසා බැලීමේදී මූලික වශයෙන් CKD යනු වසර කිහිපයක් පුරා වකුගඩු ක‍්‍රියාකාරිත්වය මන්දගාමී වීම වන අතර එය ආපසු හැරවිය නොහැක. එය වකුගඩු අකර්මණ්‍ය වීමට හේතු වේ. කාලයාගේ ඇවෑමෙන් මෙම තත්වය වකුගඩුවක සාමාන්‍ය ක‍්‍රියාකාරිත්වයට හානි කරයි. අපද්‍රව්‍ය සහ තරල පෙරීමට ඇති හැකියාවට බාධා කරන අතර හානිකර අපද්‍රව්‍ය පුද්ගලයෙකුගේ සෞඛ්‍යයට හා යහපැවැත්මට හානිදායකය. එය සාමාන්‍යයෙන් වකුගඩු වලට ආතතියක් ඇති කරන වෙනත් ද්විතියික තත්වයන් නිසා ඇති වන අතර බොහෝ විට අධි රුධිර පීඩනය, දියවැඩියාව, අධික කොලෙස්ටරෝල්, වකුගඩු ආසාදන, බහු අවයවික වකුගඩු රෝග, වකුගඩු ගල් සහ ඇතැම් ඖෂධවල දිගුකාලීන භාවිතය වැනි විවිධ ගැටළු වල ප‍්‍රතිඵලයකි.

    CKD අදියර 1 සිට 3 දක්වා වූ අවධීන්වලදී රෝගීන්ට සාමාන්‍යයෙන් අසනීප හෝ රෝග ලක්ෂණ මතු නොවේග කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී පවා කිසියම් රෝග ලක්ෂණයක් වර්ධනය වීමට පෙර ඇස්තමේන්තුගත ග්ලෝමියුලර් පෙරීමේ අනුපාතය (eGFR) මගින් CKD හඳුනාගත හැකිය.

    රෝගියෙකු හඳුනාගත් පසු රෝගයේ ශාරීරික අපහසුතා මෙන්ම ඖෂධ, වකුගඩු බද්ධ කිරීම, ආහාර සහ තරල පාලනය කිරීම් වැනි ප‍්‍රතිකාර ක‍්‍රම භාවිත කළ හැකිය. රෝගියෙකු සිටින අවධිය මත පදනම්ව අනෙකුත් ආතති තත්වයන්ට රුධිර කාන්දුකරණය සඳහා මූල්‍යමය බරක් දැරිමට සිදුවීම, රුධිර කාණ්දුකරණය සඳහා වැඩි කාලයක් ගතවීම, ප‍්‍රතිකාර මගින් ඇතිවන වේදනාවට ඇති බිය, අඩු නින්ද, ආහාර සීමා කිරීම් ආදියට මුහුණ දීමට සිදුවිය හැකිය. රෝගියෙකු පමණක් නොව මෙවැනි අවස්ථාවක සමස්ත පවුලක්ම මානසික පීඩනයකට ලක්වන අතර ඒ වෙනුවෙන් කැපවීමට සිදුවේ.

    වකුගඩු හානිය වඩාත් දරුණු වීමට පටන් ගත් විට 4 වන අදියර හෝ ඊටත් වඩා නරක අතට හැරෙන විට රෝග ලක්ෂණ දැඩි ලෙස පෙනෙන්නට පටන් ගනී. වකුගඩු ක‍්‍රියාකාරිත්වය ක‍්‍රම ක‍්‍රමයෙන් පහත වැටේ නම් වෙනත් විවිධ ගැටළු වර්ධනය විය හැකිය. නිදසුනක් ලෙස රක්තහීනතාවය සහ රුධිර ප‍්‍රවාහයේ ඇති කැල්සියම්, පොස්පේට් සහ අනෙකුත් රසායනික ද්‍රව්‍යවල අසමතුලිතතාවය දැක්විය හැකිය. මෙම රක්තහීනතාවය නිසා තෙහෙට්ටුව, කැල්සියම් සහ පොස්පේට් අසමතුලිතතාවය හේතුවෙන් අස්ථි තුනී වීම හෝ කැඞී යාම වැනි විවිධ රෝග ලක්ෂණ ඇති කළ හැකිය. අවසානයේදී, අවසන් අදියරේ වකුගඩු අකර්මණ්‍ය වීම හෙවත් 5 වන අදියර ඉක්මනින් හා කාර්යක්ෂමව ප‍්‍රතිකාර නොකළහොත් මාරාන්තික විය හැකිය.

    වයසත් සමග CKD ඇතිවීමේ ප‍්‍රවණතාව වැඩි වන අතර කාලික වකුගඩු රෝගයේ (CKDu) සම්භවය පාරිසරික සාධක රාශියක් මත රඳා පවතී. ක්‍ණෘම ආරක්ෂිත පානීය ජලය සඳහා සීමිත ප‍්‍රවේශයක් ඇති ග‍්‍රාමීය ජනගහනයට බලපාන අතර කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයින්ට බලපායි. බොහෝ රෝගීන් තුළ CKDu ම අවසන් අදියරේ වකුගඩු රෝගය දක්වා වර්ධනය වනු ඇත. එය වකුගඩු ප‍්‍රතිස්ථාපන ප‍්‍රතිකාර සඳහා ප‍්‍රවේශය සීමිත හෝ දැරිය නොහැකි දුප්පත් ප‍්‍රදේශවල සහ ප‍්‍රජාවන්ට පීඩාකාරී විය හැකිය.

    නිදන්ගත වකුගඩු රෝගය සඳහා නිශ්චිත ප‍්‍රතිකාරයක් නොමැති අතර ප‍්‍රතිකාර මගින් රෝගයේ ප‍්‍රගතිය මන්දගාමී හෝ නැවැත්විය හැකි අතර එය හේතුවෙන් වෙනත් බරපතල තත්වයන් වර්ධනය වීම වළක්වා ගත හැකිය. අවසාන අදියරේ වකුගඩු රෝගයෙන් බේරීමට, පුද්ගලයාට තම ජීවන තත්වය සහ සෞඛ්‍ය තත්වය පවත්වා ගැනීම සඳහා රුධිර කාන්දුකරණය මගින් හෝ වකුගඩු බද්ධ කිරීමකින් ප‍්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය විය හැකිය. මෙම ක‍්‍රම දෙකම ශ‍්‍රී ලාංකික රෝගීන්ට සහ ඔවුන්ගේ සාමාජිකයින්ට දැඩි මූල්‍යමය පීඩනයකි.

    රුධිර කාන්දුකරණය යනු ක්‍ණෘ සඳහා ප‍්‍රතිකාර කිරීමේ මූලික ක‍්‍රමවලින් එකකි. එය වකුගඩු නිසි ලෙස ක‍්‍රියා කිරීම නැවතුනු විට රුධිරයේ ඇති අපද්‍රව්‍ය සහ අතිරික්ත තරල ඉවත් කිරීමේ ක‍්‍රියා පටිපාටියක් ඇති අතර බොහෝ විට රුධිරය පිරිසිදු කළ යුතු යන්ත‍්‍රයක් වෙත යවයි. ශ‍්‍රී ලංකාව තුළ යන්ත‍්‍ර 482ක් හරහා රෝගීන් 164,000කගේ නිරන්තර, දීපව්‍යාප්ත ඉල්ලූම සපුරාලීම සඳහා දැනට ඇත්තේ රුධිර කාන්දුකරණය මධ්‍යස්ථාන 74ක් පමණි.

    මෙම තත්වය නිසා ජාතික සෞඛ්‍ය සේවා පද්ධතියට බොහෝ විට රුධිර කාන්දුකරණය අවශ්‍ය සියලූම රෝගීන්ගේ සම්පූර්ණ අවශ්‍යතාවය සපුරාලීම දුෂ්කර වන අතර එය ඔවුන්ගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට විශාල වශයෙන් බලපායි. තවද අභියෝගාත්මක ආර්ථික තත්වයන් සෞඛ්‍ය සේවා සැපයුම් දාමයට දැඩි පීඩනයක් එල්ල කරයි. මෙම තත්වය ශ‍්‍රී ලංකාවේ වැඩිවන ක්‍ණෘ රෝගීන්ට ඔවුන්ගේ සෞඛ්‍යයට සහ ඔවුන්ගේ ආදරණීයයන්ගේ යහපැවැත්මට අඛණ්ඩව අහිතකර වනු ඇත.

    එවන් තත්වයක ශ‍්‍රී ලංකාවේ සියලූම CKD රෝගීන්ට ප‍්‍රතිකාර සඳහා ප‍්‍රවේශය සහිතව යහපත් ජීවිතයක් සඳහා සාධාරණ හා සමාන අවස්ථාවක් ඇති බව සහතික කිරීමට පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශය පියවර ගැනීම වඩාත් තීරණාත්මක වේ.

    ලේඛකයා - වෛද්‍ය මලිත් අතපත්තු මහතා, වෛද්‍ය සේවා ප‍්‍රධානී - හේමාස් රෝහල් සමූහය

    ඡායාරූපය - වෛද්‍ය මලිත් අතපත්තු මහතා, වෛද්‍ය සේවා ප‍්‍රධානී - හේමාස් රෝහල් සමූහය