July, 5, 2017
ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස හත්වන වරටත් කොමර්ෂල් බැංකුව සම්මානයට පාත්‍ර වූ හොංකොං හි අතිඋත්කර්ශවත් අයුරින් පැවති ෆයිනෑන්ස්ඒෂියා ගෞරවණීය සම්මාන උළෙලට බැංකුව නියෝජනය කරමින් එහි ප්‍රධාන මෙහෙයුම් නිළධාරී සහ විධායක අධ්යක්ෂවරයා වන එස්. රෙන්ගනාදන් මහතා පසුගියදා සහභාගී විය.
‘ෆයිනෑන්ස් ඒෂියා’ සම්මානය ලබාදීම සඳහා බැංකුවල මූල්‍ය කාර්ය සාධනය සහ ප්‍රාග්ධන ප්රමාණත්වය, ද්‍රවශීලතාවය, පිරිවැය ආදායම් අනුපාත, බදු වලට පෙර සහ බදු වලට පසු ලාභ, අලාභ සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීම්, කොටසකට අදාළ ලාභය, ශාඛා ජාලය, ඒජන්තවරුන් යන කරුණු පිළිබඳව තියුණු ඇගයීමක් සිදුකරයි.
මීට අමතරව, බැංකුවේ සමස්ත වත්කම්, ණය සහ තැන්පතු කළඹ, දැක්ම සහ දිගු කාලීන උපාය මාර්ගය මෙන්ම සමීපතම තරගකරුවන් සමග වෙළඳ පොළ තත්ත්වය යන කරුණුද මෙම සම්මානය ලබාදීමේදී සැලකිල්ලට ගනී.
සේයාරුවෙන් දැක්වෙන්නේ රෙන්ගනාදන් මහතා බැංකුව වෙනුවෙන් ලබාගත් සම්මානය සමග සිටින අයුරුයි.
Video Story