ශ‍්‍රී ලංකාව තුළ ලොව සුප‍්‍රකට JA Solar සූර්ය පැනල බෙදාහරින්නා ලෙස බ‍්‍රැන්ටෙල් පත්කරයි

    October, 16, 2019

    ලොව ප‍්‍රමුඛතම සූර්ය කෝෂ නිපදවන සමාගමක් වන චීනයේ JA Solar සමාගමේ ශ‍්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා ලෙස පත්වූ බව බ‍්‍රැන්ටෙල් ලංකා සමාගම නිවේදනය කර ඇති අතර එමගින් මෙරට තිරසාර බලශක්ති ක්ෂේත‍්‍රය සඳහා සමාගම දක්වනු ලබන දායකත්වය තවදුරටත් ශක්තිමත් වී ඇත.

    මේ අනුව JA Solar සමාගමේ 330 W polycrystalline කෝෂ ශ‍්‍රී ලංකාව තුළ අලෙවි කිරීම, සූර්ය තාප පද්ධති සවි කරන ආයතන වෙනුවෙන් මෙම photovoltaic පැනල් ප‍්‍රමාණවත් තොග පවත්වාගෙන යාම සහ JA Solar හි අලෙවියෙන් පසු වගකීම් ක‍්‍රියාත්මක කිරීම බ‍්‍රැන්ටෙල් වෙත පැවරෙනු ඇත.

    මීටර් 1 × මීටර් 2 (මිලිමීටර් 991 × මිලිමීටර් 1960 × මිලිමීටර් 40) ප‍්‍රමාණයෙන් යුත් මෙම පැනල වොට්ස් 330ක ධාරිතාවකින් යුක්තය. ඉදිරියේදී කුඩා අවකාශයකින් වැඩි බලශක්ති ප‍්‍රමාණයන් නිපදවිය හැකි 435 W ඒකකද ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට සැලසුම් කොට ඇති බව බ‍්‍රැන්ටෙල් සමාගමේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේය.

    මූල්‍ය ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය පිළිබඳව සැලකිල්ලට ගනිමින් Bloomberg New Energy Finance Corporation විසින් JA Solar සමාගම 1 වන තලයට (Tier I) ශ්‍රේණිගත කරන ලද සමාගමකි. සමාගම විසින් තම නිෂ්පාදන සඳහා වෙළඳපොල තුළ වැඩිම වගකීම වන වසර 12ක වගකීමක් ලබා දෙන අතර එහි ක‍්‍රියාකාරිත්වය සඳහා වසර 25ක වගකීමක් ලබා දෙයි.

    JA Solar සමාගම සමග ඇතිකරගන්නා ලද මෙම සහයෝගීතාවය පිළිබඳව බ‍්‍රැන්ටෙල් සමාගමේ ප‍්‍රකාශකයෙකු මෙසේ පැවසීය. “මේ වන විටත් ලොව මුල් පෙළේ ඉන්වර්ටර් (Inverter) නිෂ්පාදනයක් නියෝජනය කරන නිසා අපේ පුනර්ජනනීය බලශක්ති නිපැයුම් පෙළ සඳහා ලොව ප‍්‍රමුඛතම සන්නාමයකින් යුතු සූර්ය පැනල එක්කර ගැනීම තුළින් සැලකිය යුතු ලෙස මේ ව්‍යාපාරය තුළ අපේ ස්ථානය ඉහළ යාම නිසැකයි. බ‍්‍රැන්ටෙල් මේ වන විට සූර්ය බලශක්ති උත්පාදනය සඳහා අවශ්‍ය ප‍්‍රධාන මූලාංග දෙකක් පිරිනමමින් ක්ෂේත‍්‍රය තුළ වර්ධනයක් ලබමින් සිටිනවා.”

    JA Solar නාමය ශ‍්‍රී ලංකාවට ආගන්තුක නොවේ. මෙම සන්නාමය Solar One Ceylon පුද්ගලික සමාගම මගින් 2017 ජනවාරි මාසයේ වැලිකන්දේ ස්ථාපිත කළ Solar One Ceylon මෙගාවොට් 10ක ධාරිතාවයකින් යුත් photovoltaic සූර්ය බලශක්ති නිෂ්පාදනාගාරය බලගැන්වීමේ නිරතව සිටී. මෙම සූර්ය බලශක්ති නිෂ්පාදනාගාරය JA Solar Holdings විසින් නිෂ්පාදිත 315W සහ 320W polycrystalline ඒකක භාවිතා කරයි.

    JA Solar සමාගම වසර 2005 දී ස්ථාපිත කරන ලද අතර වසර 2007 දී NASDAQ හි ලැයිස්තුගත කරන ලදි. සමාගමේ ව්‍යාපාර කටයුතු සිලිකන් වේෆර්ස්, සූර්ය කෝෂ සහ ඒකක නිෂ්පාදනයේ සිට අංග සම්පූර්ණ photovoltaic බලශක්ති පද්ධති නිමැවුම දක්වා විහිදී ඇති අතර එහි නිෂ්පාදන ලොව පුරා රටවල් සහ කලාප 120කට අධික සංඛ්‍යාවක අලෙවි කෙරේ. එහි අඛණ්ඩව සිදු කෙරෙන තාක්ෂණික නවෝත්පාදනවල ශක්තියෙන්, යහපත් මූල්‍ය ස්ථාවරත්වයෙන්, මනාව තහවුරු වූ ගෝලීය අලෙවියෙන් සහ පාරිභෝගික සේවා ජාලය ආදිය හේතුවෙන් JA Solar සමාගම ක්ෂේත‍්‍රය තුළ උසස් කාර්යක්ෂමතාවයකින් යුත් photovoltaic නිපැයුම් නිෂ්පාදනය කරන ලොව ප‍්‍රමුඛතම සමාගමක් ලෙස පිළිගැනීමට ලක්ව ඇති අතර වසර 2018 අවසානය වන විට සමාගම විසින් නැව්ගත කරන ලද සමස්ත නිපැයුම් වල ධාරිතාව 35GW කි. ලොව පුරා සමාගම සතු සේවාදායකයන් සංඛ්‍යාව 33,000ක් වන අතර ගෝලීය photovoltaic නිෂ්පාදන වෙළඳපොළේ 10%ක ප‍්‍රතිශතයක තම ප‍්‍රවේශය ව්‍යාප්ත කිරීමට සමත්ව සිටී.

    සමාගමේ photovoltaic නිෂ්පාදන අතර ජපානය, පිලිපීනය, චීනය, ඊශ‍්‍රායලය, එක්සත් රාජධානිය, චිලී, සහ ඉන්දියාව යන රටවල භූමිය මත සවි කරන බලශක්ති නිෂ්පාදනාගාර වන අතර ඒ අතරින් විශාලතම නිෂ්පාදනාගාරය වන්නේ චිලී හි ස්ථාපිත කොට ඇති 247MW ධාරිතාවකින් යුත් නිෂ්පාදනාගාරයයි.

    බ‍්‍රැන්ටෙල් ලොව ප‍්‍රමුඛතම මේ ආකාරයේ නිපැයුම් නිෂ්පාදනය කරන ජර්මනියේ SMA Solar Technology AG හි සූර්ය ඉන්වර්ටර් බෙදාහැරීමේද නිරතව සිටී.

    බ‍්‍රැන්ටෙල් ලංකා පුද්ගලික සමාගම 2000කට අධික ව්‍යාපාරික සහකරුවන් සඳහා තාක්ෂණික සේවාවන් සැපයීමේ නිරතව සිටින සමාගමකි. එසේම සමාගම ලොව පුරා ප‍්‍රමුඛතම තාක්ෂණික සන්නාමයන් සමග සබඳතාද ඇතිකරගෙන සිටී. බ‍්‍රැන්ටෙල් සමාගම දිවයින පුරා පිහිටි තම ශාඛා සහ අලෙවි ජාලය ඔස්සේ පසුගිය වසර 16කට අධික කාලය තුළ තම පාරිභෝගිකයන් සඳහා විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවක් සැපයීමට සමත් විය.

    සමාගම බෙදාහැරීමේ නිරත ලොව ප‍්‍රමුඛතම නිෂ්පාදකයින්ගේ නිපැයුම් අතර මිනි කම්පියුටර්ස්, ඇන්ඩ්‍රොයිඞ් ජංගම දුරකථන, ටැබ්, optical fibre cables, passive components, solar ඉන්වර්ටර්ස්, point-of-sale thermal printers සහ smart boards ආදිය වේ. එසේම බ‍්‍රැන්ටෙල්, ශ‍්‍රී ලංකාවේ E-tel ජංගම දුරකථන සඳහා ජාතික බෙදාහරින්නා වශයෙන්ද කටයුතු කරයි.