ශ‍්‍රී ලංකා  – මෙකොං මහා ව්‍යාපාර කවුන්සිලයේ 08 වන වාර්ෂික මහා සභා රැස්වීම කොළඹ දී

    December, 5, 2019

    ශ‍්‍රී ලංකා - මෙකොං මහා ව්‍යාපාර කවුන්සිලයේ 08 වන වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා කොළඹ සමාජ ශාලාවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස වියට්නාමයේ තානාපති ගරු පැම් තී බික් නොක්, තායිලන්ත තානාපති ගරු චුලාමනී චාර්ට්සුවන් සහ මියන්මාර තානාපති ගරු හැන් තු යන මහත්වරු සහභාගී වූහ.

    සීමාසහිත රන්ෆර් තේ (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ රනිල් සෙනෙවිරත්න මහතා 2019-2020 වර්ෂ සඳහා සාමාජිකයන් විසින් සභාපතිවරයා ලෙස තෝරා ගන්නා ලදී. එයිට්කන් ස්පෙන්ස් ට‍්‍රැවල්ස් (පුද්ගලික) සමාගමේ සාමාන්‍යාධිකාරී නිෂාන් සෙනෙවිරත්න මහතා, ට‍්‍රැවල් 7 (පුද්ගලික) සමාගමේ විධායක අධ්‍යක්ෂ ටෙ‍්‍රවෝ රාජරත්නම් සහ සීමාසහිත සියම් සිටි සිමෙන්ති (ලංකා) හි විදේශ කටයුතු හා ව්‍යාපාර සංවර්ධන අංශ ප‍්‍රධානී වෙනුර ප‍්‍රනාන්දු මහතා යන මහත්වරු උප සභාපතිවරුන් ලෙස තේරී පත් වූහ. සාමාජික සමාගම් ලෙස කැපිටල් ඩිවෙලොපර්ස් ලිමිටඞ්, සිලෝන් බිස්කට් ලිමිටඞ්, ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පීඑල්සී, මැක් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම සහ මැලිබන් බිස්කට් නිෂ්පාදන (පුද්ගලික) සමාගම මෙම කමිටුවට තේරී පත්විය. ඉවත් වී යන සභාපති, ඇස්ට්‍රොන් ලිමිටඞ්හි නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ සිරිමාල් ප‍්‍රනාන්දු මහතා අවසන් වරට හිටපු සභාපතිවරයා ලෙස කමිටුවේ දිගටම කටයුතු කරනු ඇත.

    වාඩි වී සිටින (වමේ සිට දකුණට) මියන්මාරයේ තානාපති හැන් තු, තායිලන්ත තානාපති චූලමනී චාර්ට්සුවන්, සභාපති රනිල් සෙනෙවිරත්න, වියට්නාමයේ තානාපති පැම් තී බික් නොක්, ලේකම් ජූලියන් බෝල්ටන්

    සිට ගෙන (වමේ සිට දකුණට) උප සභාපති නිෂාන් සෙනෙවිරත්න, කමිටු සාමාජික මහේන් වීරසේකර, කමිටු සාමාජික නිමාල් එස්. රත්නායක, අවසන්වරට හිටපු සභාපති සිරිමාල් ප‍්‍රනාන්දු, උප සභාපති ටෙ‍්‍රවෝ රාජරත්නම්, උප සභාපති වෙනුර ප‍්‍රනාන්දු, කමිටු සාමාජික එස්.එම්.ඞී. සූරියකුමාර, කමිටු සාමාජික ඇනස් ජුනයිඞ්.

    ඡායාරූපයෙහි නොමැති අය කමිටු සාමාජික ධන්වන්ත‍්‍රි ගුණතිලක

    ශ‍්‍රී ලංකාව සහ මහා මෙකොං උප කලාපයේ රටවල් වන කාම්බෝජය, ලා ඕසය, මියන්මාරය, තායිලන්තය සහ වියට්නාමය අතර වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සම්බන්ධතා තව දුරටත් පුළුල් කිරීමේ ප‍්‍රධාන අරමුණ ඇතිව ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ මෙකොං මහා ව්‍යාපාරික සභාව ක‍්‍රියාත්මක වේ. පසුගිය වසරේදී මියන්මාරය, තායිලන්තය සහ වියට්නාමය යන රටවල ව්‍යාපාරික හවුල්කාරිත්වය ප‍්‍රවර්ධනය කිරීමට සහ වැඩි කිරීමට ශ‍්‍රී ලංකා සමාගම්වලට උපකාර කිරීම සඳහා කවුන්සිලය විසින් අන්තර්ක‍්‍රියාකාරී ඉසව් සහ සම්මන්ත‍්‍රණ රාශියක් පවත්වන ලද අතර 2019 මැයි මාසයේදී මියන්මාරයට ඉතා සාර්ථක වෙළෙඳ හා ව්‍යාපාර ප‍්‍රවර්ධන මෙහෙවරක් සිදු කරන ලදී. ශ‍්‍රී ලංකාවේ මෙකොං මහා ව්‍යාපාර කවුන්සිලය මහා මෙකොං උප කලාපයේ  ශ‍්‍රී ලංකා රාජ්‍යතාන්ත‍්‍රික දූත මණ්ඩල සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වයි. කවුන්සිලයේ සාමාජිකත්වය ලැබීම සඳහා (0115588856, ayonir@chamber.lk) අමතන්න.