ෂාරුක් ඛාන් IPL හැර අතුරුදහන් ?

    April, 26, 2014

    ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා තරග වදින කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ අයිතිකාරීත්වය දරන්නේ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ය. නමුත් කාගේත් කතා බහට ලක්වූ කාරණාවක් වූයේ වෙනදා වඩාත් ඕනෑකමින් තම කණ්ඩායමට ඔල්වරසන් නගන ෂාරුක් මෙවර තරග සමයේදී අතුරුදන්ව සිටීමයි.

    මේ පිළිබඳව ෂාරුක් ඛාන්ට සමීප මූලාශ්‍ර උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබෙන්නේ ෆාරා ඛාන්ගේ “Happy New Year“ චිත්‍රපටයේ දිවා රෑ නොබලා රඟපෑමේ කටයුතුවල මෙම සුපිරි නළුවා හිරවී සිටින නිසා මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ කිසිදු තරගයක් නැරඹීම සඳහා ඔහුට පැමිණීමට නොහැකිවී තිබෙන බවයි.

    ඔහු ක්‍රීඩා පිටියට නොපැමිණියත් සිය ටැබ්ලට් පරිගණකයෙන් ප්‍රීමියර් ලීග් තරග වඩාත් උනන්දුවෙන් නරඹන බව සඳහන්ය.