ෂැන්ග්‍රි-ලා සමග කරට කර නැගෙන ගාලු මුවදොර සුපිරි හෝටලය මෙන්න!

    November, 20, 2014

    කොළඹ ගාලු මුවදොර ඉදිවෙමින් තිබෙන ෂැන්ග්‍රි-ලා හෝටලයට ආසන්නයෙන් ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ITC ලිමිටඩ් විසින් ඩොලර් මිලියන 300 ක ආයෝජනයකින් තවත් දැවැන්ත හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මුල පුරයි.

    මෙම ව්‍යාපෘතිය යටතේ සුපිරි හෝටලයට අමතරව නිවාස හා සාප්පු සංකීර්ණ මෙන්ම විනෝදාස්වාද පහසුකම් ගොඩ නැගීමට සැලසුම් කර ඇත.

    මෙම සමාගම විසින් මුලින් ඩොලර් මිලියන 140 ක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබුණත් පසුව ආයෝජනය ඉහළ දමා තිබෙන්නේ හෝටල් කාමර 350 ක් ඉදිකිරීමට සැලසුම් කරමිනි.

    ආයෝජන මණ්ඩල බදු සහන ලැබෙන මෙම හෝටලයේ වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට අදහස් කර තිබෙන්නේ 2017 වසරේ අවසාන කාලයේදීයි.

    මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණි.

    සේයාරුවල දැක්වෙන්නේ ගාලු මුවදාර ඉදිකෙරෙන මෙම හෝටල් ව්‍යාපෘතියයි.
    ITC-Colombo-One-at-dusk0310