ෂෙව්රොන් ලාභ 33% කින් නගී

    May, 6, 2016

    ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී හි 2016 මාර්තු 31 න් අවසන් කාර්තුව වෙනුවෙන් වාර්තා කරන ලද ශුද්ධ ලාභය 33 % කින් ඉහළ ගොස් තිබේ. එහිදී සමාලෝචිත කාලපරිච්ඡේදය සඳහා රුපියල් මිලියන 986 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමාගමට හැකි වී ඇත.

    ගෙවී ගිය මූල්‍ය කාර්තුව වෙනුවෙන් වන මූල්‍ය වාර්තා සමාගම විසින් පසුගිය දා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර එහි මේ බව සඳහන් වේ. අදාළ කාර්තුව වෙනුවෙන් සඳහන් වන සමාගමේ කොටසක ඉපැයුම රු. 8.22 ක් වන අතර එය පෙර වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය සඳහා රු. 6.19 ක් විය.

    2016 මාර්තු 31 න් අවසන් කාර්තුව සඳහා සමාගමේ විකුණුම් ආදායම රුපියල් බිලියන 3.1 දක්වා 11% කින් වර්ධනය වී තිබෙන අතර අදාළ කාලපරිච්ඡේය තුළ දළ ලාභයේ වර්ධනය 27% කි.

    ශ්‍රී ලංකාව තුළ ලිහිසි තෙල් කර්මාන්තයේ විශාලතම තරඟකරුවා ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් වන අතර වෙළෙඳපොළ කොටසින් 50% ක පමණ හිමිකාරීත්වයක් සමාගම විසින් මේ වන විට තහවුරු කර ගෙන තිබේ.