සංචාරකයින් බුරුතු පිටින් ගේන්න වේගවත් සැලසුම්

    February, 21, 2014

    ශ්‍රී ලාංකේය ආර්ථිකයට සංචාරක කර්මාන්තයෙන් වසරකදී ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් තරම් විශාල දායකත්වයක් ලැබීම හමුවේ එම දායකත්වය තවත් වැඩිකර ගැනීම සඳහා රජය දැවැන්ත ප්‍රවර්ධන ව්‍යාපෘතියක් සිදු කිරීමට සූදානම් වේ.

    රජය සඳහන් කරන්නේ මෙම ප්‍රවර්ධන ව්‍යාපෘතිය 2014 වසරේ සිට වසර දෙකක් සිදුකරන බවත් ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 12.5 ක මුදලක් යොදවන බවයි.

    මෙහිදී, චීනය ඇතුළු වර්ධනය වන වෙළඳ පොළ වලින් මෙරටට වැඩිපුර සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහාද ඉලක්ක කර ඇත.

    2009 වසරේදී ලංකාව විසින් සංචාරක කර්මාන්තයෙන් උපයාගෙන තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 340 ක ආදායමකි.  එම ආදායම ගිය වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් දක්වා වර්ධනය විය.