Exclusive- සංචාරකයින් වෙනුවෙන් අභ්‍යන්තර ගුවන් සේවාවක්

    July, 14, 2015

    මෙරට විවිධ ස්ථාන වෙත ඉතාමත් පහසුවෙන් සංචාරකයින්ට ගමන් කිරීම සඳහා අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් යොදා ගනිමින් ගුවන් සේවාවක් ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

    සංචාරක ක්ෂේත්‍රයේ රජයේ උසස් නිළධාරියෙකු අප සමග පැවසුවේ මේ සඳහා ඉදිරියේදී ගුවන් යානා කිහිපයක් ලබාගැනීමට සිදුවන බවයි.

    සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ විසින් වසරකට මගීන් මිලියන 15 ක් පමණ හැසිරවිය හැකි ලෙස ගුවන් තොටුපොළ නවීකරණය කිරීමටද අවධානය යොමුව ඇතැයි මෙම උසස් නිළධාරියා කීය.

    යුද්ධය අවසන් කිරීමෙන් පසුව මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය විශාල ලෙස වර්ධනය වී තිබේ.