සංචාරක ක්ෂේත්‍රයේ සහනාධාර ලබාදෙන්නේ එම ව්‍යාපාරවලට පමණක් නොවෙයි, රැකියවන්වල නියුතු අයටත් ලබාගත හැකියි

    May, 23, 2019

    පාස්කු දින බෝම්බ ප්‍රහාරය නිසා බලපෑමට ලක් වූ සංචාරක ක්ෂේත්‍රයට සහනාධාර ලබාදෙන්නේ එම ව්‍යාපාරවලට පමණක් නොවන බවත් සංචාරක ක්ෂේත්‍රයේ ස්ථිර රැකියවන්වල නියුතු අයටත් සහනාධාර ලබාගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

    පාස්කු දින ප්‍රහාරය හේතුවෙන් බලපෑමකට ලක් වූ සංචාරක කර්මාන්තයේ සහනාධාර දෙන්නේ ව්‍යාපාර වලට පමණක් නොවෙයි එම සංචාරක ක්ෂේත්‍රයේ ස්ථිර රැකියාවල නියැලෙන අයටත් බැංකුවලට ගිහිල්ලා එම සහනාය් ලබාගන්න පුළුවන්.මැයි මස 16 චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. මැයි මස 21 දින බැංකු වලට පමණක් නොවේ, බැංකු නොවන මූල්‍ය සමාගමකින් අරන් තියෙනවා නම් ලිසිං සමාගමකින් ණය අරන් තියෙනවා නම්, ඒ අයටත් මේ සහනාධාර ලබාගන්න පුළුවන්. කියන දේ කරන මුදල් අමාත්‍යාංශයක් තියෙන්නේ. මේ රටේ සංචාරක ව්‍යාපාරය නගාසිටුවන්න පැහැදිළිව කියා තිබෙනවා.

    මේක ජාත්‍යන්තර ත්‍රස්තවාදයක්. මේක අප ඇති කළ දෙයක් නොවේ. අප අත්සන් තැබුවා ලංකාවට ආධාර දෙන ආයතන දෙකක් සමඟ. ජයිකා ආයතනය සමඟ බොහොම අඩු පොළියට. පොදු ප්‍රවාහනයට යොදවනවා. පොදු ප්‍රවාහනය වෙනසක් ඇති බෙනවා.මිලේනියම් චැලෙන්ජ් කෝපරෙෂන් වෙතින් ලබාගන්නේ ඩොලර් මිලියන 480ක්. එය ලබාගන්නේ පොදු ප්‍රවාහනය වෙනුවෙන්.මේවා විද්‍යුත් වහන කළමණාකාරීත්වයක් කරන්නේ.බොහොම දියුණු ක්‍රමයකට භාවිතා කරන්නේ. ඩොලර් මිලියන 350ක් ලබාගන්නේ පොදු ප්‍රවාහනය දියුණු කරන්නයි.

    ඇයි මෙවැනි දියුණුවකට විරුද්ධ? සියලු රජයේ ආයතන සම්බන්ධ වෙලා මේ කාර්යය ඉටු කර තිබෙන්නේ. විද්‍යාත්මක පදනමකින් මේ දේවල් සිදු කරන්නේ. මෙයට ක්‍රියා කිරීමේ කාර්යාංශයක් මේ රට තුළ හදනවා. සහසර බස් ක්‍රමය තුළ එකතු කරලා කරන්නේ. ගෙවීන් සිදුවන්නේ ස්මාර්ට් කාඩ් හරහායි.කාන්තාවන්ට ආරක්ෂාව තිබෙනවා.අපිට මේ ක්‍රම යෙදීමෙන් දූෂණ අවාම් කර ගන්න පුළුවම්. රජයේ ආදායමට මේක අදාළ වෙනවා. ඩොලර් මිලියන 67ක් යනවා ඩිජිටල් ලැන්ඩ් රෙජිස්ට්‍රිය හදන්නයි. මෙහි විනිවිධභාවය ,කාර්යක්ෂමතාවය වැඩි වෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    News.lk