සංචාරක ප්‍රවර්ධනයට ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව JWT තෝරාගැනීම කැබිනට් මණ්ඩලයේ අවධානයට

    July, 31, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මෙරට ආර්ථිකයේ ප්‍රධාන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ‘ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ සන්නම් නාමය‘ යළි පණගන්වා ගොඩනැංවීම සහ අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා කෙටිකාලීන මහජන සම්බන්ධතා වැඩසටහනක් ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශයෙන් බැහැරව ජේ. වෝල්ටර් තොම්සන් (පුද්) සමාගම (JWT)  තෝරාගැනීම සඳහා ආවරණය අනුමැතිය ලබාගැනීම පිණිස සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය සැලකිල්ලට ගන්නා ලදී.