සංචාරක ප්‍රවර්ධනයේ ලොකු පුටුව රොහාන්තට

    February, 6, 2015

    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ (Sri Lanka Tourism Promotion Bureau) නව සභාපතිවරයා ලෙස මීට පෙර අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කළ රොහාන්ත අතුකෝරළ මහතා පත්කර තිබේ.

    රොහාන්ත අතුකෝරළ මහතා අප සමග පැවසුවේ මෙරට සංචාරක ක්ෂේත්‍රය ගෝලීයව වඩාත් ප්‍රචලිත කිරීම තම අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් ඉදිරියේදී කැපවී කටයුතු කරන බවයි.

    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය වෙනුවෙන් ප්‍රවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 05 ක පමණ මුදලක් වෙන්වී තිබේ.