September, 5, 2019
2019 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 143,587 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කර සිටී. මෙය 2019 ජූලි මාසයේ දී මෙරටට පැමිණි 115,701 ක්වූ විදෙස් සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී 24%ක ඉහළ යාමකි.
මේ අතර 2018 අගෝස්තු මාසයේ දී පැමිණි සංචාරකයින් ප්‍රමාණය වන 200,359 ට වඩා 2019 අගෝස්තු මාසයේ පැමිණි සංචාරකයින් ප්‍රමාණය 28.3%කින් පහළ ගොස් තිබේ. කෙසේ වෙතත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව වාර්ෂික පදනම මත 2019 මැයි මාසයේ දී 70.8%කින් පහළ ගිය සංචාරක පැමිණීම අගෝස්තු මාසය වන විට ක්‍රමයෙන් 28.3% ක් දක්වා අඩුවීම යහපත් ප්‍රවණතාවක් ලෙසින් දැක්විය හැකිය.
මෙහිදී නිරීක්ෂණය කළ හැකි තවත් සුවිශේෂී කරුණක් වනුයේ 2019 අගෝස්තු මාසයේ දී පැමිණි සංචාරකයින්ගෙන් 1/4 ක්ම ඉන්දියානුවන් වීමයි. එය 37,568 කි. එසේම මෙම ප්‍රමාණය 2018 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි 32,115 ක්වූ ඉන්දියානුවන් සංඛ්‍යාවට වඩා 17%ක වර්ධනයකි.
අගෝස්තු මාසයේ දී පැමිණි සමස්ත සංචාරකයින් ප්‍රමාණයෙන් 51%ක් ආසියා ශාන්තිකර කලාපයේ රටවලින් මෙරටට පැමිණ ඇති අතර යුරෝපාකරයෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය 38%ක් ලෙසින් සටහන් වේ.
මෙම සංඛ්‍යාලේඛනවලට අනුව 2019 වසරේ මුල් මාස 08 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණි මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,267,737 ක් වන අතර එය පසුගිය වසර හා සැසඳීමේ දී 19.9% ක පහළ යාමකි.


Video Story