April, 5, 2016
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවලට අනුව පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 2016 මාර්තු මාසයේ සංචාරකයින්ගේ පැමිණීම 192,841 දක්වා 22.8% කින් වර්ධනය වී තිබේ.
මෙහිදී 2016 පළමු කාර්තුව තුළ මෙරටට පැමිණි මුළු සංචාරකයින්ගේ ප්‍රමාණය 584,818 ක් ලෙසින් වාර්තා වන අතර එය 2015 පළමු කාර්තුව හා සැසඳීමේ දී 22.1% ක ඉහළ යාමකි.
මාර්තු මාසය තුළ දී තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එය 30,170 ක් ලෙසින් වාර්තා වන අතර පූර්ව වර්ෂයේ සමාලෝචිත කාලපරිච්ඡේදයට වඩා එය 38.2% ක වැඩිවීමකි. මෙහිදී 2015 පළමු මාස 03 තුළ දී 85,624 ක ඉන්දියානුවන් පිරිසක් මෙරටට පැමිණ තිබෙන අතර එය 2015 වසරේ පළමු මාස 03 ට වඩා 32.2 ක ඉහළ යාමකි.
මාර්තු මාසයේ මෙරටට පැමිණි චීන සංචාරකයින් ප්‍රමාණය 19,645 දක්වා 40% කින් වැඩි වී තිබේ.
මේ අතර බටහිර යුරෝපාන් සංචාරකයින්ගේ ප්‍රමාණය 69,972 දක්වා 22.6% කින් ද, එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් ගණන 44,813 ද්කවා 32% කින් ද පසුගිය කාලයේ දී වර්ධනය වී ඇත.
Video Story