සංචාරක පැමිණීම පහළට

    October, 9, 2017

    2017 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 2.3% කින් පහළ ගොස් තිබේ. 145,077 ක සංචාරකයින් පිරිසක් පසුගිය සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති අතර 2016 සැප්තැම්බර් මාසයේ දී එම ප්‍රමාණය 148,499 ක් ලෙසින් වාර්තා වී තිබේ.

    මේ අනුව 2017 වසරේ මුල් මාස 09 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන මුළු සංචාරකයින්ගේ ගනන 1,551,931 ක් ලෙසින් සටහන් වේ. මෙය 2016 වසරේ මුල් මාස 09 හි පැමිණ තිබෙන සංචාරකයින් ගණන වූ 1,508,832 හා සැසඳීමේ දී 2.9% ක වර්ධනයකි.

    වසර ආරම්භයේ දී රජය විසින් මිලියන 2.5 ක සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවට ඉලක්ක ගත කෙරුණි. කෙසේ වෙතත් අදාළ ඉලක්කය සපුරා ගැනීමට නම් ඉදිරි මාස 03 ක කාලපරිච්ඡේදය තුළ දී 950,000 ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණිය යුතුවේ. පවතින තත්ත්වය අනුව මෙය සාක්ෂාත් කර ගැනීමට තරමක් අසීරු ඉලක්කයකි. මක් නිසාද යත් මාසිකව ලක්ෂ 3 ක් ඉක්මවූ සංචාරකයින් ප්‍රමාණයක් මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණ නැති බැවිනි.