March, 11, 2019
2019 වසරේ මුල් මාස 02 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 496,272 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. මෙහිදී පෙබරවාරි මාසයේ පැමිණි සංචාරකයින් ප්‍රමාණය 252,033 ක් ලෙසින් සටහන් වන අතර එය 2018 පෙබරවාරි මාසයේ පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය වූ 235,618 ට වඩා 7% ක ඉහළ යාමකි.
2019 පෙබරවාරි මාසයේ දී පැමිණි සංචාරකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් පැමිණ ඇත්තේ සුපුරුදු පරිදි අසල්වැසි ඉන්දියාවෙනි. එය 32,914 ක් ලෙසින් වාර්තා වුවද 2018 වසරේ පෙබරවාරි මාසයේ දී මෙරටට පැමිණ ඇති ඉන්දීය සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී එය 1.9% ක පහළ යාමක් ලෙසින් වාර්තා වේ.
මේ අතර එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් ගණන 8.8% කින් 29,750 ක් දක්වා 2019 පෙබරවාරි මාසයේ දී ඉහළ ගොස් තිබේ. මෙහිදී චීන සංචාරකයින්ගේ 22% ක පහළ යාමක් 2019 පෙබරවාරි මාසයේ දී වාර්තා වීම කැපී පෙනෙන සිදුවීමකි.
එක්සත් ජනපදය (61.7%), ඕස්ට්‍රේලියාව (54.8%), කැනඩාව (61.8%) යන රටවලින් පැමිණි සංචාරකයින්ගේ සුවිශේෂී ඉහළ යාමක් 2019 පෙබරවාරි මාසයේ දී වාර්තා වී ඇත.


Video Story