May, 25, 2020
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ අත්දැකීම් ආශ්රිත සංචාරය කරා මෑත අතීතයෙහි හටගත් සුසමාදර්ශ මාරුව, ග්‍රාමීය හා දුරබැහැර ප්‍රදේශ වෙත - විශේෂයෙන් බාහිර ආධාරයකින් තොර ව සංචාරක සංවර්ධයෙහි නිරත වීම සඳහා දැනුම හා මුල්‍ය සම්පත් හිඟ ප්‍රජාවන්ට - ඉතා අවශ්‍ය ව පැවති ආර්ථික ප්රතිලාභ සලසා දීම සඳහා ඇදහිය නොහැකි අවස්ථාවක් උදා කර දෙයි. විශේෂයෙන් දේශීය ප්‍රජාවන්ට ප්රතිලාභ අත් වන, අද්විතීය දේශීය ක්‍රියාකාරකම් වෙනුවෙන් මුදල් වියදම් කිරීමට සංචාරකයෝ වඩා වැඩි සූදානමක් දක්වති. එය වේගයෙන් වැඩෙන විශේෂිත වෙළඳපොලක් වන අතර වැඩි සංචාරක පිරිසක් දේශීය ප්‍රජාවන් ගැන දැනගැනීමටත් ඔවුන් සමඟ ගනුදෙනු කිරීමටත් උත්සුකයක් දක්වති. පශ්චාත් වසංගත පරිසරය තුළ, මේ ක්‍රියාකාරකම් ශ්‍රී ලාංකිකයින්ට පිටරට ගමන් කිරීමෙන් තොර ව අලුත් හා සිත්ගන්නා යමක නිරත වීමේ සිත්ගන්නාසුලු හා අඩු වියදම් විකල්ප සම්පාදනය කරයි.
ගෝලීය ව සාම්ප්‍රදායික සංචාරක ව්‍යාපාරය වෙනුවට තිරසාර සංචාරක ව්‍යාපාරය ආදේශ වෙද්දී, තිරසර භාවයේ ධජය යට සුසමාදර්ශ මෙහෙයවීම හා වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පවතින අවශ්‍යතාව අනල්ප ය. අද්විතීය හා තථ්‍ය අත්දැකීම් සඳහා පවතින ඉල්ලුම, නැගෙනහිර පළාත බඳු අලුතින් නැඟී එන ගමනාන්ත කරා ඉහළ වටිනාකමකින් යුතු ආගන්තුකයින් ආකර්ෂණය කරගැනීමේ විභවය ඉදිරිපත් කරයි. නැගෙනහිර සතු අසමසම පොහොසත් සංස්කෘතිය හා ඉතිහාසය, කලාපය තුළ හොඳම හා වඩාත් උද්යෝගය දනවන අත්දැකීම් විශිෂ්ට අගයකට ඉදිරිපත් කරයි.
ස්වසාධනය, ස්වශක්තිය හා නැගෙනහිර ප්‍රජාවන් බලගැන්වීම සඳහා සහාය දීම හා දිරිගැන්වීම පිළිබඳ අදහස ඇති ව, සංචාරක කර්මාන්තය තුළ ප්‍රජා සහභාගීත්වය දිරිගැන්වීමේ අරමුණින්, අන්තර්ගෘහිත ආර්ථික වර්ධනය සඳහා නිපුණතා (Skills for Inclusive Growth - S4IG), ප්‍රජා සංවර්ධනය උදෙසා වැඩ කරන දේශීය සංවිධානයක් වන සේවාලංකා පදනම සමඟ අත්වැල් බැඳගෙන සිටී. S4IG යනු ඔස්ට්‍රේලියානු රජයේ විදේශ කටයුතු හා වෙළඳ අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය සමඟ සහයෝගීත්වයෙන් ක්‍රියාත්මක කරන වැඩසටහනකි.
S4IG හි අදහස වන්නේ ප්‍රජා-පාදක සංචාරක ව්‍යාපාරය පෝෂණය කිරීම යි; එහි දී දේශීය ප්‍රජාවන් අත්දැකීම් ව්‍යාප්ත කරති, වෙන ආකාරයකින් දැකගත නොහැකි ඔවුන්ගේ ජීවිතවල අභ්‍යන්තර පැති බෙදාහදාගනිති. එය සංචාරකයින්ට නව සංස්කෘතියක් තුළ මුළුමනින් ම නිමග්න වීමේ අවස්ථාව ලබා දෙන අතර ප්‍රජාවන්ට ආදායම් මාර්ගයක් සම්පාදනය කරයි.
නැගෙනහිර පළාතේ, විශේෂයෙන් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ S4IG ව්‍යායාමය පැති දෙකකින් යුක්ත ය. පළමු ව එය සංචාරකයින්ට විස්මයජනක බිම් මට්ටමේ අත්දැකීමක් රසවිඳීමේ අවස්ථාව සලසන අතර ප්‍රජාවට ඍජු ප්රතිලාභ සලසයි. එය දුරබැහැර ප්‍රජාවන්ට සංචාරක කර්මාන්තයට සම්බන්ධ ව සිටින අතර මුළුමනින් ම අලුත් ආදායම් මාර්ග කාණ්ඩයක් විවෘත කරයි. දෙවනු ව එය තිරසාර ජීවනෝපායන් වර්ධනය කොට, ස්වාභාවික සම්පත් හා සංස්කෘතිය බෙදාහදාගනිමින් ඒවා වඩා අර්ථවත් හා දැනුම සපයන අත්දැකීම් හැටියට ගොනු කොට ඉදිරිපත් කිරීම සඳහා ග්‍රාමීය ප්‍රජාවන් තුළ ධාරිතාව වර්ධනය කරයි.
සේවාලංකා පදනම S4IG හා සහයෝගයෙන් සෑම ප්‍රජාවක් සතුව ම පවතින සංචාරක ව්‍යාපාරයේ විභවයන් හඳුනාගනී. සේවාලංකා පදනම සංචාරයන් හා ක්‍රියාකාරකම් සැලසුම් කිරීමේ ප්‍රධාන භූමිකාව ඉටු කරන අතර S4IG ධාරිතාව ඉහළනැංවීමෙහිලා අවශ්‍ය පුහුණුව, ප්‍රවර්ධන හා ව්‍යාපාරික සහාය සම්පාදනය කරයි. ඔවුහු එක් ව වැඩ කරන්නේ මේ ප්‍රජාවන්ට සිය සංස්කෘතිය හා ස්වභාවධර්මය සංරක්ෂණය කරන අතර තම ආදායම් ජනනය කිරීමේ විභවය ඉහළනැංවීමට හා ස්වයං පෝෂිත වීමට ඇති හැකියාව සහතික කිරීමට ඇති සාමර්ථ්‍යය සහතික කිරීම සඳහා යි.
නැගෙනහිර පළාත තුළ, විශේෂයෙන් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ දැනට ගවේෂණය කෙරී නැති ප්රබෝධජනක අත්දැකීම් රාශියක් තිබේ. නිර්භය ක්‍රියා සොයා යන්නන් සඳහා සජීව කොරල් පර හා දෙවැනි ලෝක යුද සමයේ පටන් කයන්ගානි ප්‍රදේශයේ ගිලුණු නැව් අතර සැරිසැරීම, තොප්පිගල පාගමන් යාම හා වාහනීරි ධීවර ප්‍රජාව සමඟ කඳවුරු බැඳීම වැනි පුළුල් පරාසයක සංචාර ගණනාවක් වෙයි. කුරුළු විශේෂ 50කට අධික ප්‍රමාණයක් සහිත කුරුළු පාරාදීසයක් වන කිරන්ගුලම් පිහිටා තිබීම නිසා මඩකලපුව කුරුලු ලෝලීන්ට ද වැදගත් වෙයි. ස්වදේශික වැදි ප්‍රජාව සමඟ ඉදිරිපත් කෙරෙන මීපැණි අත්දැකීම මෙම වැඩසටහනෙහි ඇති තවත් විශේෂ සංචාරයකි. මෙම අත්දැකීමට වැදි ප්‍රජාව පැණි එක්රැස් කරන අන්දම දැනගැනීමට හා ඔවුන් පැණි යොදාගෙන සකසන ස්වදේශික ආහාර රසබැලීමට සංචාරකයින්ට අවස්ථාව සැලසෙන එළිමහන් ගවේෂණයක් ඇතුළත් ය. වැදි ජනතාවගේ ආහාර පුරුදු හා ජීවන රටාව පිළිබඳ වඩා ගැඹුරු අවබෝධයක් ලබාගැනීමට එය සංචාරකයින්ට ඉඩ සලසයි.
සිය වැඩසටහන් ඔස්සේ S4IG මේ ප්‍රජාවන් සතු ධාරිතාව ඉහළ නංවන්නේ සිය වැඩසටහන් සතු සමාජ/ප්‍රජා, ආර්ථික හා පාරිසරික ප්රතිලාභ ව්‍යාප්තිය සහතික කරන අතර ය.
ප්‍රජා-පාදක සංචාරක ව්‍යාපාරය, චිත්‍ර, නැටුම් හා සංගීතය සඳහා පහසුකම් සම්පාදනය ඔස්සේ ඉහළ ආදායම් අවස්ථා උදා කරදෙයි. එමඟින් සංචාරකයින්ට සිය ඇස්, රසනහර හා හදවත් තුළින් ම දේශීය සංස්කෘතිය අත්විඳීමේ අවස්ථාව සැලසෙනවා පමණක් නො වේ. එය ශ්‍රී ලංකාව පොහොසත් හා තථ්‍ය සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන අතර සිය සංස්කෘතිය හා තථ්‍යතාව උත්සවශ්‍රීයෙන් සැමරීමේ ඉඩ ද ප්‍රජාවන්ට විවර කර දෙයි.
Video Story