සංචිත යොදා ගෙන රුපියල් ආරක්ෂා කළාට වැඩක් නැහැ Video

    March, 27, 2017

    කාලෙන් කාලෙට රුපියල් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විවිධ පියවර ගෙන තිබුණු බවත් ඒ වෙනුවෙන් විදෙස් සංචිත බිලියන ගණනක් යොදා ගෙන තිබෙන බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය.

    දිගින් දිගටම රුපියල් අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති පියවර පිළිබඳව අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ පැවසීය.

    “2011 ජූලි මාසේ සිට 2012 පෙබරවාරි මාසය දක්වා රුපියල් ආරක්ෂා කිරීම සඳහා ඩොලර් බිලියන 4 ක් අපි වියදම් කළා. එසේ වුවත් රුපියල සියයට 16 කින් අවප්‍රමාණය වුණා. සල්ලිත් ගියා, රුපියලත් බාල්දු වුණා.“

    “2015 දී ඩොලර් බිලියන 2 ක් වියදම් කළා. ඒත් රුපියල් සියයට 10 කින් අවප්‍රමාණය වුණා. තියෙන සංචිත පාවිච්චි කරලා රුපියල් ආරක්ෂා කරන එක කිසිම තේරුමක් නැහැ. සල්ලිත් පුච්චලා දානවා. රුපියල බාල්දු වෙන එකත් වෙනවා.“

    “අපි දැන් නම්‍යශීලි විදියට රුපියල් කළමනාකරණය කරන්නේ. වෙළෙඳපොළ බලවේග අනුව සෙමින් අවප්‍රමාණය වෙන්නේ.“

    https://www.youtube.com/watch?v=KvZdEMh94nw