සංවර්ධන බැඳුම්කර වෙන්දේසියක් අද ඇරඹෙයි

    January, 16, 2017

    එක්සත් ජනපද ඩොලර් මිලියන 225 ක සංවර්ධන බැඳුම්කර වෙන්දේසියක් අද (16) දිනයේ දී ආරම්භ වන බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

    වසර 1, 2 හා 3 යි මාස 02 යන පරිණත කාලවලින් යුතු මෙම බැඳුම්කර නිකුතුව අද දින පෙරවරු 11.00 ට ආරම්භ වී 2017 ජනවාරි 19 වන දින පෙරවරු 10.00 ට අවසන් වීමට නියමිතය.

    මෙම බැඳුම්කරවල පොළී ආදායම ශ්‍රී ලංකාව තුළ ආදායම් බද්දෙන් නිදහස් වේ.