සංවර්ධන බැඳුම්කර වෙන්දේසියට ලංසු ලැබුණේ මෙහෙමයි

    January, 22, 2018

    2018 ජනවාරි 11 දින විවෘතව 2018 ජනවාරි 18 දින අවසන් වූ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙන්දේසිය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 526.74 ක ලංසු ලැබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පවසයි.

    වසර 02,03, 04 හා 05 යන පරිණත කාල 4 කින් යුතුව මෙම සංවර්ධන බැඳුම්කර, වෙන්දේසිය සඳහා ඉදරිපත් කර තිබිණි.

    වෙන්දේසියට ඉදිරිපත් කරනු ලැබූ බැඳුම්කර ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 500 ක් වන අතර ලැබුණු ලංසුවලින් ඩොලර් මිලියන 470.57 ක ලංසු භාර ගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

    මේ පිළිබඳ සංක්ෂිප්ත සටහනක් පහත දැක්වේ.