සණස සංවර්ධන බැංකුව මෙසේ කියයි

    August, 24, 2016

    ඊයේ (23) දිනයේ දී තැන්පතුකරුවන් පිරිසක් බස්නාහිර පළාත් සභා පරිශ්‍රය තුළ කරන ලද උද්ඝෝෂණය, වත්තේගෙදර සකසුරුවම් හා ණය සමූපකාර සමිතියට සම්බන්ධ කාරණයක් බව සණස සංවර්ධන බැංකුව දන්වා සිටී.

    වත්තේගෙදර සකසුරුවම් හා ණය සමූපකාර සමිතියේ ලියාපදිංචිය හා නියාමනය සිදුවනුයේ සමූපකාර කොමසාරිස්වරයා යටතේ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

    සණස සංවර්ධන බැංකුව, බලපත්‍රලාභී විශේෂ බැංකුවක් වන අතර එය ලැයිස්තුගත සමාගමකි. එය සමාගම් පනත යටතේ සංස්ථාපනය කර ඇත.

    ඊයේ (23) ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සණස සංවර්ධන බැංකුව යනුවෙන් ඇතැම් මාධ්‍ය වාර්තා පළ වී තිබීම නිවැරදි විය යුතු බවත් මේ සම්බන්ධයෙන් සමාගමේ සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී විසින් ඉදිරියේ දී තවදුරටත් කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවත් සමාගමේ රෙජිස්ට්‍රාර් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ පොත දැනුම් දී සිටී.