July, 26, 2018
2018 වසරේදී සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 500,000ක් පමණ අවශ්‍ය වනු ඇතැයි පුරෝකථනය කරනු ලැබ තිබේ.
එසේ වුවද, 2018 වසරේ මහ කන්නයේ බඩ ඉරිඟු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 150,000ක් පමණද, යල කන්නයේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 30,000ක් පමණද වනු ඇතැයි ඇස්තමේන්තු කරනු ලැබ ඇත.
ඒ අනුව සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගැනීම පිණිස ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කිරීමටත්, ඒ මත කිලෝවකට රුපියල් 10/-ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමටත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story