July, 29, 2020
පීසී ෆාමා පීඑල්සී, කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවෙන් අද (29) දින සිට නිල වශයෙන් ඉවත් කෙරෙන (De-Listing) බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී.
මෙය සතියක කාලයක් තුළ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවෙන් නිල වශයෙන් ඉවත් කරන ලද දෙවැනි සමාගමයි.
මීට පෙර පසුගිය ජූලි 22 දින සිට බලපැවැත්වෙන පරිදි තවත් ලැයිස්තුගත සමාගමක් වූ එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවෙන් නිල වශයෙන් ඉවත් කරනු ලැබීය.
ලැයිස්තුගත සමාගමක් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිසි කලට ඉදිරිපත් කළ යුතු අතුරු මූල්‍ය වාර්තා සහ වාර්ෂික මූල්‍ය වාර්තා ඉදිරිපත් නොකිරීම හේතුවෙන් පීසී ෆාමා සමාගමේ කොටස් ගනුදෙනු 2018 අප්‍රේල් 02 දින සිට තහනම් කෙරුණි.
සිය ගනුදෙනුකරුවන් විසින් ආයෝජිත රාජ්‍ය සුරැකුම්පත් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව විකුණා දමා එම අරමුදල් අවභාවිත කොට ඇති බවට එන්ට්‍රස්ට් සිකිටයුරිටීස් වෙත චෝදනා එල්ල වී තිබුණු අතර 2016 වසරේ දී එම සමාගම ඈවර කිරීමට අවසර ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබුණි.
මේ අනුව අද (29) දින වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව 287 ක් වන අතර ලැයිස්තුගත අරමුදල් සංඛ්‍යාව 1 කි.
Video Story