• Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

සතියක් තුළ දී 4% කින් කොටස් වෙළෙඳපොළ ඉහළට

September, 9, 2022

කොළඹ කොටස් වෙළෙඳපොළ සාර්ථක ගනුදෙනු සතියක් අවසන් කරමින් අද (09) දින වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,704.21 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 104.89 ක හෙවත් 1.09% ක වර්ධනයකි.

පූර්ව සතියේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,316.45 ක් ලෙසින් සටහන්ව තිබූ අතර ඒ අනුව මෙම සතිය තුළ දී ඒකක 387.76 කින් එහි ඉහළ යාමක් වාර්තා වේ. මෙය 4.16% ක වර්ධනයකි.

අද දින රු. බිලියන 4.12 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය. මෙම සතියේ ගනුදෙනු දින 5 තුළ වාර්තා වූ සමස්ත පිරිවැටුම රු. බිලියන 23.41 කි. එය තුළ රු. බිලියන 4.07 ක විදේශීය මිල දී ගැනීම් ප්‍රමාණයක් අන්තර්ගත වීම විශේෂත්වයක් වේ.

අද දින සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, රෝයල් සෙරමික්, මෙල්ස්ටාකෝප් හා ලංකා අයි ඕ සී යන සමාගම් ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී.