November, 6, 2018
2018 ඔක්තෝබර් 23 සිට ඔක්තෝබර් 31 දක්වා කාලපරිච්ඡේදය තුළ දී රජයේ සුරැකුම්පත් ආයෝජනවල විදේශීය හිමිකාරීත්වය රුපියල් බිලියන 10.97 කින් පහළ ගොස් ඇත.
2018 ඔක්තෝබර් 23 දින විදෙස් ආයෝජකයින් සතු රජයේ සුරැකුම්පත් වටිනාකම රුපියල් බිලියන 232.1 ක් ලෙසින් සටහන වන අතර එය 2018 ඔකතෝබර් 31 වන විට රුපියල් බිලියන 221.13 ක් දක්වා පහත වැටී ඇත.
මේ අතර 2018 වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ දී රජයේ සුරැකුම්පත්වල කර තිබූ ආයෝජනවලින් රුපියල් බිලියන 100.8 ක ආයෝජන ඉවත් කර ගැනීමට විදෙස් ආයෝජකයින් විසින් කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවල මෙම තොරතුරු සටහන් වේ.

Video Story